කේට්ගේ දෙවැනි දරු උපත තව දින කිහිපයකින්


බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විළියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් සිය දෙවැනි දරු උපතට සූදානමින් සිටියේ මීට මාස ගණනාවක සිටයි. ඇයගේ දරු උපතට දින දැන් ආසන්නවී තිබෙන අතර බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා දක්වන්නේ එම දිනය අපේ‍්‍රල් 15 -25 අතර යෙදෙන බවයි.

මේ සඳහා සූදානමින් ඇය වෙනුවෙන් ශාන්ත
මේරි රෝහලේ ඇඳක් වෙන් කර ඇති අතර ඇය ඉදිරි දිනවලදී රෝහල් ගතවනු ඇති බවට වාර්තා පළවනවා. විළියම් කුමරු නියමුවෙකු ලෙස සේවය කරන නැගෙනහිර ඇන්ජ්ලියා ගුවන් ඇම්බියුලන්ස් සමාගමෙන් සති දෙකක නිවාඩුවක් ඉල්ලා තිබෙන බවත් රජගෙදර දරු උපත වෙනුවෙන් උත්සවශ‍්‍රීයක් ගෙන ඇති බවත් වාර්තා වනවා.
බි‍්‍රතාන්‍යයේ පළවන පුවත්පත් සඟරා ආදියද දරු උපත වෙනුවෙන් විශේෂ ලිපි පළ කර තිබෙන අතර තවමත් රාජකීය රහසක් වශයෙන් තබා සිටින දරුවා පිරිමිද ගැහැනුද යන්න ගැන එම පුවත්පත් තරග ආරම්භ කර ඇත.
පසුගිය කාලයේ ඇයට නිවුන් දරු උපතක් ලබන්නට නියමිත බවට කටකතාවක්ද පැතිර තිබුණි.