නේපාල භූමි කම්පනයෙන් මියගිය ගණන 2000 කට ආසන්නයි කඳු නගින්න ගිය Google ලොක්කෙකුත් මැරිලා
ඊයේ උදෑසන නේපාලයේ කත්මන්ඩු නුවරට බටහිර දෙසින් සිදු වූ භූ කම්පනයෙන් මේ වනවිට 2000කට ආසන්න පුද්ගලයින් පිරිසක් මියගොස් ඇති බවට ගණන් බලා ඇති අතර තුවාල ලත් පිරිස 6500 ක් පමණ වෙයි.අතුරුදන් පිරිස ඊටත් වැඩිය.
රික්ටර් මාපකයේ ඒකක 7.8 ක කම්පනයක් ලෙස හා ගැඹුර කි.මී 15 ක් ලෙස සටහන්වූ මෙම භූ කම්පනය වඩාත් ජීවිත හානි ඇතිකරවූයේ කඳුකර භූමි කලාපයක් ආසන්නයේ සිදුවීම නිසාය.
නේපාලයේ කත්මන්ඩු අගනුවරට සැතපුම් 21 ක් පමණ දුරින් පිහිටි පොක්හාරා ප‍්‍රදේශය ආශ‍්‍රිතව මෙය ඊයේ එරට වේලාවෙන් උදේ 11.56 ට වාර්තා විය.
භූ කම්පනයත් සමග වහලවල් කඩා වැටීම් කඳු නායයාම් ගස් ගල් පෙරළීයාම් රැසක් වාර්තා වුණා. මේ හේතුවෙන් අවාසනාවන්ත ලෙස
මරණ සිදු විය. මහල් 14 කින් යුත් ගොඩනැගිල්ලක්ද ඇසිල්ලකින් සුන්බුන් බවට පත්වූ බව ඇසින් දුටුවෙකු වාර්තා කර තිබුණා. නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපළටද මින් හානි සිදුවිය.
මෙම භූමි කම්පාවෙන් නේපාලය පමණක් නොව ආසන්න ඉන්දියාවේ බිහාර් උත්තර ප‍්‍රදේශ් සහ බටහිර බෙංගාල ප‍්‍රාන්තයටද හානි සිදුව තිබේ. පාසලක සිසුන් 40ක්
තුවාල ලබා ඇති බවත් ඉන්දියාවේ උමං දුම්රිය ධාවනයද අඩාල වී ඇති බවත් වාර්තා වුණා. චීනය බංග්ලාදේශය හා භූතානයටද කම්පනය දැනී ඇත.
වඩාත් තිව්ර ලෙස කම්පනය බලපෑ නේපාල ප‍්‍රදේශය එවරස්ට් කන්ද ආසන්න කලාපයේ පිහිටි නිසා කඳු තරණයට පැමිණි විදෙස් ජාතිකයින් ගණනාවකගේද ජීවිත අහිමිවී ඇති අතර බොහෝ පිරිසක් අතුරුදන්ව සිටී.
භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 ක් පමණ එවරස්ට් කන්ද මතදී මියගොස් ඇති බව මේ වනවිට තහවුරු කරගෙන සිටින අතර ඒ අතර කඳු නගින්නට ගිය ගූගල් සමාගමේ විධායක නිලධාරියෙකුද සිටින බව එම සමාගම තහවුරු කර ඇත.
අද දහවල් 12 වන විට මියගිය බවට තහවුරු කර තිබෙන නේපාල ජාතිකයින් ගණන 1910 කි. ඉන්දියානුවන් ගණන 53 කි. චීන ජාතිකයින් ගණන 17 කි. බංග්ලාදේශ ජාතකයින් ගණන 4 කි.එරට සිටින ශ‍්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුව නොමැති බව නේපාලයේ ශ‍්‍රී ලංකා තානාපති ඩබ්ලිව්. එම්.සෙනෙවිරත්න මහතා ඊයේ ප‍්‍රකාශ කළා.
ශ‍්‍රී ලාංකික සිසු සිසුවියන් 120 දෙනෙකු පමණ නේපාලයේ අධ්‍යාපනය ලබන අතර, ඔවුන්ට
කිසිඳු හානියක් සිදුව නොමැත.
දකුණු ආසියානු වයස අවුරුදු 14 පහළ බාලිකා පාපන්දු තරගාවලිය සඳහා මේ දිනවල නේපාලයේ කත්මන්ඩු නුවර රැඳී සිටින ලංකාවේ පිරිසටද මින් හානියක් නැත. නේපාලයේ පිහිටි බුදුන් උපන් ලූම්බිණිය මහබෝධි පන්සල මෙම විපතට ලක්වූ පෙදෙසට අයත් නැත.
සිදුවූ විපතට ආධාර කිරීමට ලෝකයේ රටවල් ගණනාවක් දැන් ඉදිරිපත්ව සිටිනවා.
ගුවන් හමුදාවේ සී-130 ගුවන් යානය ශ‍්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම රැගෙන අද නේපාලයට පිටත්ව ගොස් තිබුණා.
හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේ, සහන කණ්ඩායම් රැගත් තවත් ගුවන් යාන දෙකක් පිටත්වීමට නියමිත බවය.
වසර 81 කට පසු එරටට බලපෑ දරුණුතම භූ චලනය මෙය බව පැවසේ. මීට පෙර දරුණුතම භුකම්පාවක් වාර්තා වූයේ 1934 දී නේපාල-බිහාර භූ කම්පනයයි. එම සිද්ධියෙන් ඉන්දියාවේ හා නේපාලයේ ජිවිත 1900 ක් අහිමිවී තිබුණි.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg77pGFcxVOtE-ZFCyhjfOW9xv1VF1nlwnKLtQ0Vfla56YGPBQzZXP0z0PLGK8qB8qCHd52Ul_gr5Ji0Z7CejfTQ6h41ahwm1BItBDjiIJCKlsDdAZJsb9aRigRiHW5k3X4fvz6OOlOfQ6a/s400/nepal-earthquake001gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6a5Wbc95xzjm2Mcms0r1Qoj7aFifDLLRNUS4mgcEUBBzDeFhc0zu3RsgU3vpWcSbZqJoojxWfOXKF67xvHD6lvcTjJ9c5ibapnCt_o3m8LDVoCCwzsu9-6Bc-RW_FzoL5GOZ04biWwH9Z/s400/nepal-earthquake002gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVJ_OO546-KI4dEEkn7tQKUL1XhXQuVmE76_hrPGclQw_Ls3Aef7mlsHoGHKHAA_ZVuxE4hb3A5jY7C9UX9hvKCvvQ0xLcY4djR5fZvV1pkQQUzr1sBM_1ZQLOIUxMR14k8mWABr1cAlyV/s400/nepal-earthquake003gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGlY9e3h3UrkB-NI_FPJnaaV9OhYv-CSsRqtiXePcaqTNJeqBjiSIk7P7MeIjnqbEP6GGmk2993Hu6LJdnFB6unHKuZ3sNh3HB8GsjLz7ZP2t07q_Zgo8oso2yYvjr10SO3Z2MPG0IbPq1/s400/nepal-earthquake004gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1v4apsEigcv-vhADIkMVIzLZJI8tMoD_HfqpA_tSfH-oIkHMndX0tydfjYmZGk7LM2eDpxofXrrPalaN0n3D_D55Cdnfu_iOlCMRqwlgVgItnVh8URmftRSsEXcT49w5IGTd75tTaFLpu/s400/nepal-earthquake005gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitLiFtyCZcCVHvtmpBffeZR16LyEKAiHVvZnMiXyx4-XBVrarjYSG-YTx3dq6ZEqNa737pzgPKoMcjQ5bt4_tnQPaiSsN4IQsoUFOWWxTPcPwxGEKm4F0zTH3-61HLHxgO5o0zucQyWhgJ/s400/nepal-earthquake006gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdXYtOwGv9ptptLIzZh5TArz51VyWtQx2RpXkeDf1C_Zg9QSEzjTdyp51-mHOmy8avlDEdVhrQqiXzKKC6xMHuTpLDSEGpRzN2htVfTP6p8QjqVFK1Vr9R6v3VncMBVCzqQaufkFkDIIzF/s400/nepal-earthquake007gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYXfyXZsaGBUd512MzT8Qr5vgpkWH1_9dZ7QfOwLBQXe8_2vtht1EzFwpFGL7Biyrp37cSJwui3lUhjPVlG40xEVEwEpU45Tuel1bDpNGCsogtxqYbc-M9UWd_vKcQMMSAOtSHb5PhoBdp/s400/nepal-earthquake008gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHSHU2lqBDaTJsA-fyqxBF0DTlTHQk_HKwJ3pZ5UzEP8NGlIjYx-mg6T1nkmR6PjliJi7-pbj1QIBRZBSVt4unGb1r_kNs2ppBeFP8kBTvMAnkYQWZ4cdDLt8n1Fkp_kXG0N4tSJxZ3eib/s400/nepal-earthquake009gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixHz8kHA-oy-7lOF8ySuqSYCuX321zWErTFejf2T-09hXK_AI0dR9QsS0_28be4ElEQX9HYqthit0WsPEIfBc-vZcebqY-0DL71LWzytDMyYTrEjd167eThiisiLD-nLiNLMyInpht0Lfq/s400/nepal-earthquake010gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhK33MYvIK7bMdXYUoAAUnjQIEK8u63y7SIywCVdWVjqhwkM3cvhwF1mob0Gz4BwX_ZS51alD1rpwVoj2vdRSYMIuCFXGgNDk3UVS5CBAIrWny1m-HWTpjDNEVjVMZER9bPBhwRcxr7XxJR/s400/nepal-earthquake011gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhXJ1gumuAd-9KGnRbXh8RCV5bHiCz0riKfxIt6DGymB_ioAQHzo3RqB6iflhJ5CFrHWBOQZW4xh0EH3i6tVYYpRhgiIE6CHe4zbpp79PtOUMozbKOejiqAH94bRmaWCLS14gJZ44WxfLtQ/s400/nepal-earthquake012gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjXor6oA8A3cBEadwOe_a6N2ltv4CGg4A-NPl75GC2V6ZrwKgruFJ0WnUBp4xl4ThnPJxjaCOlGyUIfyHSuTmq9G9_n-2PPNSuY4lGevLYYL0kQcud7DAqTefPGyOt5Gu1ygHt-ej2blo4Q/s400/nepal-earthquake013gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIouV-cmo9SAFr02sI1WsEWP-gdRoYC_DjpZTs9UjbZVyWAjfu1MjYLiyaKeGi-Fb3lXLKIm0vKZ2OHUljDoDVBXaBZz0FukKLLxVrTDd9gyrsPAGi6rti3myzojfxUDOtqWPjnZMTV0O-/s400/nepal-earthquake014gossiplankanews.jpg)