දානෙ ගෙදර අල හොද්දට වැටි අවුරුදු 2 දරුවෙකු අවාසනාවන්ත ලෙස මියයයි

වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු දානේ ගෙදරක සූදානම් කර තිබුණ උණුසුම් අල හොද්දක් සහිත භාජනයකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් ගිරාදුරුකෝට්ටේ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.

ඥාති නිවසක පැවති දානමය පුණ්‍යකර්මය සඳහා මෙකී දරුවා මව පියා සමග සහභාගිවී සිටියදි
කුස්සියේ පිළියෙල කර තිබු ආහර ලබාගන්නැයි ඳාතීන් ආරාධනා කරන ලද අවස්ථාවක දරුවාට ආහාර කැවීම සදහා දරුවාගේ මව දරුවා සමග කුස්සියට ගොස් බිම තිබු ආහාර බදුන් වලින් ආහාර බෙදා ගන්නා අතරතුර දරුවා

මවට පිටුපසින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ එක්වරම දරුවාගේ පය පැකිලි බිම තිබු ලිපෙන් බාන ලද උණුසුම් අල හොද්දක් සහිත බදුනකට වැටී ඇත.
 ඒ වනවිටත් ගැභිණියකව සිටි දරුවාගේ මවට දරුවා එකවර බේරාගැනිම තරමක් අපහසුවී තිබෙන අතර අල හොදි භාජනය මත පිළිස්සී කෑගසමින් සිටි දරුවා එකවර එයින් ඉවතට ගෙන නිවසේ අයගේද ආධාරයෙන් රෝහලට ගෙනයන්නට ක‍්‍රියා කළේ ඉන් අනතුරුවයි.

මුලින්ම මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා පේරාදෙනිය ළමා රෝහල වෙත දරුවා මාරු කර තිබුණ නමුත් දැඩි ලෙස පිලිස්සුම් තුවාල තිබීම නිසා දරුවාගේ ජීවිතය අවිනිශ්චතව තිබුණි.
රෝහල් දැඩි සත්කාර ඒකකයේද රඳවා ප‍්‍රතිකාර කළත් සිද්දියෙන් දින දෙකකට පසු දරුවා පසුගිය 19 දින සවස අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියා.

ගිරාදුරුකෝට්ටේ, මිගහහේන අංක 131 යන නිවසේ විසු විරසුරිය ආරච්චිලාගේ වෙනුල නිශාන් ඒකනායක නමැති අවුරුදු දෙකයි මාස තුනක දරුවෙකු මෙලෙස මියගියා.
ඔවුන්ගේ ඥාතින් වෙසෙන මිනිපේ, පාලමහන්දිය ප‍්‍රදේශයේ පැවති පුණ්‍යකර්මයකදී මෙම අනතුර සිදුව තිබුණා.
සිද්ධියෙන් ගර්භනී කාන්තාවක වූ දරුවාගේ මවද පියාද ඥාතීන්ද දැඩි ලෙස කම්පනයට පත්ව ඇත. සිද්ධිය සම්බන්දයෙන් පේරාදෙනිය රෝහල් පොලිසිය දෙමාපියන්ගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇත.

වාර්තාව - මහියංගන - රංජිත් කරුණාවිර

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්