බැරිනං අපිට දීල යන්න - මහින්ද ඉල්ලයි

ඊයේ හේනේගම ජෙයරාඡ් ප‍්‍රනාන්දු පුල්ලේ දම්සක් විහාරයේ හා ගැඬුමාන සදහම් විහාරයේ පැවැති ආගමික උත්සවයන්ට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා පහත අදහස් පළ කර ඇත.

‘අද වන විට රටේ සංවර්ධනය මුළුමනින්ම ඇනහිටලා. ආර්ථිකය කඩා වැටිලා.
තේ, රබර්, වී, මැණික් වලට මිලක් නැහැ. වී රුපියල් පනහට ගන්නවා කිව්වා. අද රු. 28, 30 වී ගන්නේ. දැන් කියනවා සංවර්ධනය කරන්න සල්ලි නැහැලූ.
අපේ කාලේ නම් සල්ලිත් තිබුණා සංවර්ධනයත් තිබුණා. යහපාලනයේ වෙනස මේකයි. අද මේගොල්ල හිරවෙලා ඉන්නේ. කරගන්න බැරිනම් අපිට දීලා යන්න පුළුවන්. අපි කරලා පෙන්වපු අය. ඉදිරියටත් කරන හැටි අපි දන්නවා.’

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්