තලේබාන්ට එරෙහිවූ මලාලා නමින් ක්ෂුද්‍ර ග‍්‍රහලෝකයක්
නොබෙල් සම්මානලාභී ළාබාල සමාජ ක‍්‍රියාකාරිනියක වන පාකිස්ථානයේ මලාලා යුසෆ්සායිගේ නමින් ක්ෂුද්‍ර ග‍්‍රහලෝකයක් නම් කර තිබෙනවා. අමෙරිකානු නාසා ආයතනය විසින් මෙය සිදුකර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කරයි.
අඟහරු සහ බ‍්‍රහස්පති අතර ග‍්‍රහවලල්ලේ පිහිටි ග‍්‍රහාකයක් මෙලෙස මලාලා නමින් නම් කර ඇත. ග‍්‍රහකයකට කාන්තාවකගේ නමක් යොදා
හැදින්වීම දුර්ලභ අවස්ථාවක් බවද පැවසෙනවා.
පාකිස්තානයේ ස්වැට් නිම්නයේ උපන් සුන්නි මුස්ලිම් ජාතික 18 හැවිරිදි
මලාලා මුලින්ම කාන්තාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය පිළිබඳ
කතා කිරීමට පටන් ගත්තේ 2008 වසරේ 11 වන හැවිරිදි වියේදීය.
තලේබාන් අසාධාරණකම් ගැන ඇය ජාත්‍යන්තර මාධ්‍ය වලට ලිපි ලිවීමෙන් ප‍්‍රසිද්ධවූ කෙනෙකි. ඇය ප‍්‍රසිද්ධියට පත් වීමත් සමග ඇගේ ජීවිතයට තර්ජන එල්ල විය.
2012දී විභාගයක් අවසන්ව ආපසු බස්රියෙන් නිවස බලා එමින් සිටි මලාලාට වෙස්වලාගත් තුවක්කුකරුවෙකු විසින් හිසට වෙඩි තබන ලද නමුත් සැත්කමකින් පසුව සම්පූර්ණ සුවය ලද මලාලා සිය ගමන අත්හැරියේ නැත.ඉන්පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තරුණ සමුළුවටද සහභාගිවී නිර්භීත කථාවක් පවත්වා ප‍්‍රකට විය.
2013 සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය අත්කරගත් මලාලා, නොබෙල් සාම ත්‍යාග ලාභී ළාබාලතම තැනැත්තිය වශයෙන් සැලකෙයි.