ලංකාවේ සෑම නගරයකටම මංතීරු නීතිය තදින්

ඉදිරියේදී දිවයිනේ සෑම නගරයකම මංතීරු නීතිය ක‍්‍රියාත්මක කිරීමට නීතිය හා සාමය පළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබඳව මෙන්ම රථවාහන කළමණාකරණය පිළිබඳ රැස්වීමක් අද (23දා) මහජන සාමය හා ක‍්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පැවැත්වීමට නියමත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේදී කොළඹ නගරයේ මාර්ග කිහිපයක මෙම මංතීරු නීතිය ක‍්‍රියාත්මක කරනු ලැබීය.
මෙම නීති යටතේ බස් හා බර වාහන ධාවනයේදී දකුණු පස හා මැද මං තීරු
භාවිත කිරීම තහනම්ය. එසේම සියලූ  වාහනද අදාල මංතීරුෙවී ගමන්කීරීමට අවශ්‍ය වන අතර නොසැලකිලිමත් ආකාරයෙන්  මංතීරු හරහා වාහන ධාවනය කිරීමද සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

( චානක චන්ද්‍රසේකර )

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි