ට‍්‍රැක්ටර් 40ක් බඩ උඩින් යවා ගිනස් පොතට යන්න හදන පොළොන්නරුවේ පියුමාල් (වීඩියෝ)

ට‍්‍රැක්ටර් 40 ක් සිරුර මතින් ධාවනය වෙන්නට සලස්වා කිසිදු අපහසුතාවයක් නැතිව නැගිටගත් පොළොන්නරුවේ ශාන්තිපුර කේ.එල්. පියුමාල් නමැති තරුණයෙක් ඊයේ ලෝක වාර්තාවක් තැබීමට උත්සාහ කළා.

වයස අවුරුදු 26 ක් වන පියුමාල් සිදු කළ මෙම ක‍්‍රියාව පටිගත කර
ලෝක ගිනස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ ආකාරයට ට‍්‍රැක්ටර් උදරය මතින් ගමන් කරවූ පුද්ගලයින් මින් පෙර ලෝකයේ සිටින අතර පියුමාල්ට වාර්තාවක් හිමිවන්නට ඉඩ ඇත්තේ ඔහු එය වේගවත්ව කළ නිසාවෙනි.
ඊයේ වාර්තාවට අනුව සීසෑම් කටයුතුවලට යොදා ගන්නා ට‍්‍රැක්ටර් රථ 40ක් විනාඩි 19 යි තත්පර 54 කදී සිය ඇඟ උඩින් ධාවනය කරවීමට පියුමාල් සමත්විය.
කරාටේ ක‍්‍රීඩාව හා බොක්ෂිං ක‍්‍රීඩාවේ නිරත ශක්ති සම්පන්ත තරුණයෙකු වන පියුමාල්ගේ අනාගත බලාපොරොත්තුව ඉදිරියේදී ලොව ළාබාලතම ශක්තිවන්තයන් 10 දෙනා අතරට සිය නමද එක් කර ගැනීමයි. පියුමාල්ගේ වාර්තාව තවම ගිනස් කමිටුව සහතික කර නැත.

ඔහු ඊයේ සිදු කළ වික‍්‍රමයේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි