අවුරුදු තෑගි බෙදාගන්න බැරිව අයන් එකකින් ගසා මල්ලී අයියාව මරලා

මේ දිනවල අලූත් අවුරුදු උත්සවය වෙනුවෙන් ඥාතීන් අතර සිදුවන සුහද තෑගි හුවමාරුවක් බෙදාගන්නට බැරිව වෛරය ක්ෂණික කෝපය මත සිදුවුන මිනීමැරුමක් දක්වා දුරදිග ගිය අවාසනාවන්ත
සිද්ධියක් අද වාර්තා වුණා.
අවුරුද්දට ලැබුණු ඇඳුම් බෙදා ගැනීමට නොහැකිව වැඩිමල් සොහොයුරකු ඝාතනය කරන්නට පෙළඹුණ බාල සොයුරෙකු
ගැන පුවතක් මුල්ලියාවේලි ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.
අවුරුද්දට නිවසට ආ අමුත්තන් ගෙනා තෑගි ගැන සහෝදරයින් දෙදෙනෙකු අතර

ඇතිවූ ආරවුල පසුව නිවස ඇතුළත ගැටුමක් බවට පත්වී ඇති අතර එම අවස්ථාවේ
නිවසේ තිබුණ විදුලි ස්ත‍්‍රික්කයකින් මල්ලී අයියාට දමා ගසා ඇත.

බරපතල ලෙස හිසට වැදුණු පහර නිසා වැඩිමල් සොයුරා ඇද වැටී ඇති අතර පසුව ඔහු මියගොස් ඇත.
එහිදී අවුරුදු 19 ක් වූ වැඩිමහල් සහෝදරයා මිය ගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි බාල සොහොයුරු පොලිස් අත්අඩංගුවට පත්විය.

සිද්ධිය ගැන වීඩියෝ වාර්තාව පහතින්