ටිකට් ෆ‍්‍රී දවසේ පින්නවල සත්තු බලන්න මහ සෙනග - ඊයේ විසිදාහක් ඇවිල්ලා

පින්නවල එළිමහන්  සත්තු  වත්ත විවෘත වු  ඊයේ (17) දිනයේ පමණක් විසිදහසක පිරිසක් පැමිණි  බව එහි  පාලක අනුර ද සිල්වා  මහතා ප‍්‍රකාශ කරයි.
මැයි  01 දක්වා  නොමිලේ  එහි ඇතුළු විමට  ඉඩ ලැබෙන  නමුත්  ඇතුළු වන පිරිස  ගණන් ගැනිම සඳහා සෙනසුරාදා සිට නොමිලේ ටිකට්පත් නිකුත් කරන්නට තීරණය කළ බවද ඔහු  කියා සිටී.
මැයි  01 පසු
18 ට වැඩි අයෙකුගෙන්  100/-ක්ද,
18 ට අඩු අයෙකුගෙන්  30/- ක්ද,
පාසල්  නිල ඇඳුම සහිත සිසුවෙකුගෙන් 20/- ක්ද,
විදේශිකයෙකුගෙන්  1000/- ක්ද
විදේශික ළමයෙකුගෙන් 500/- ක්ද  අය කිරිමට  නියමිතය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි