සීසීකඩ විසිරගිය පවුලේ ඛේදවාචකය කොටකෙතන මව මැරූ කුෂාන් මිනිය හමුවූ වෙලාවේ බොරුවට ඇඬූ හැටි (video)
මව මැරීමේ ආනන්තරීය පාප කර්මය සිදු කරගත් කොටකෙතන චන්ද්‍රානිගේ 18 හැවිරිදි පුතු කුෂාන් තම මව මරාදැමීමේ ඉතාම පහත්පෙළේ ක‍්‍රියාවකට යොමුවූවාට අමතරව සැකක් බියක් නැතිව එය සැඟවීමේ කූඨ උපායටද යොමුව ඇත්තේ ඔහුගේ වයසට
එවැන්නක් කළ හැකිද යන පැනය අප හමුවේ තබමිනි.
උසස් පෙළ පන්තියේ සිටිය යුතු සිසු දරුවෙකුවූ කුෂාන් කලක සිටම පාසැල් හැර ගොස් නිකරුණේ කාලය ගතකරමින් කරන්නට දෙයක් නැති තැන යොවුන් සේනාංකයකට සම්බන්ධවී ගමෙන් පිටව ගොස් වෙනම ජීවිතයක් අරඹා තිබුණ අතර ඔහුගේ පවුලද සීසීකඩ විසිර ගිය
එකක්වීම පෙම්වතියක් නිසා මෙවැනි ඇදහිය නොහැකි ක‍්‍රියාවකට ඔහු යොමු කරවන්නට පසුබිම් කරුණු සැපයූවා විය හැකිය.
පොළේ කීර විකුණා ජීවත්වූ කුෂාන්ගේ මව පියා දෙදෙනා අධික දරිද්‍රතාවයෙන් මිරිකී සිටි අයයි. බූරුවා ගසන කසිප්පු බොන බේබද්දෙකු ලෙස ප‍්‍රකටව සිටි කුෂාන්ගේ පියා සහ නාස්තිය නවතා දරුවන් ජීවත්කරවන්නට වෙරදැරූ ඔහුගේ මව අතර නිරන්තරයෙන්ම
ආරවුල් පැවති බව ගමේ උදවිය පවසා තිබුණි.
මව පියා කලක් වෙන්ව සිටි බවටද වාර්තා ඇත. පවුලේ ප‍්‍රශ්න නිසාම මියගිය චන්ද්‍රානි ඇගේ දරුවන් තිදෙනා නිවසේ රඳවනු වෙනුවට වෙනත් තැන්වල නතර කර ඇත. එක් දරුවෙකු කොළඹය. තවත් දරුවෙකු ඥාතී නිවසකය. මිනීමැරුම සිදු කළ කුෂාන්ද යොවුන් සේනාංකයේ වැඩ කරමින් ගමෙන් පිටව ගොස්ය. ඔහු එන්නේ ඉඳහිටය. මෙවර ඔහු පැමිණ තිබුනේ අවුරුදු නිවාඩුවටය.
මෙම පවුලේ අවුල්සහගත වටපිටාව තුළ දෙමාපිය ගෞරවය දරුවන්ගෙන් තුරන්වී තිබුණි. ඔවුන් නාහෙට අහන් නැති දරුවන් වී සිටි බව අසල්වැසියන්ගේ මතයයි.
කුෂාන්ගේ පෙම්වතියට මව විරුද්ධවීම රුස්සන්නේ නැති කාරණයක් බවට පත්ව තිබුනේ මේ නිසාය.
මියගිය චන්ද්‍රානිගේ සැමියාගේ නිවුන් සහෝදරයකුද සිද්ධිය වූ දිනයේ නිවසේ සිට ඇති නමුත් එදා ගමේ නිවසක තිබූ මළගෙදරකට මේ දෙදෙනාම ගොස් සිටි නිසා මිනීමැරුම ගැන ඔවුන් පොලිසියට සැපයූ කරුණු සැකසහිතවූයේ නැත.මින් පෙර කොටකෙතන මවක හා දියණියක ඝාතනය කළ සිද්ධිය ගැන චන්ද්‍රානිගේ සැමියා සැකයට භාජනයවූ අයෙකු වුවත් ඔහු මේ අපරාධයට සම්බන්ධයක් තිබුනේ නැත.
මළ ගෙදර සිට මහ ? පැමිණ බිරිඳට කතා කළත් පිළිතුරක් නොලැබුණු නිසා ඉදිරිපස කාමරයේ නිදා සිටි දෙවන පුතුගෙන් විමසද්දී තද නින්දෙන් ඇහැරුණ බවක් පෙන්වූ ඔහු කිසිවක් දන්නැති බව කියා තිබුණි.
සාලයේ එළා තිබුණු මෙට්ටයේ තිබි ලේ පැල්ලම් කිහිපයක් තිබෙනු දැක තවදුරටත් සොයා බලද්දී ඇර දමා තිබූ පිටුපස දොර අසල විශාල ලේ පැල්ලම් කිහිපයක්ද හමුවීමෙන් පසු චන්ද්‍රානිගේ සැමියා මේ බව පොලිසියට දැනුම්දී තිබුනි.
පොලිසිය සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී ඝාතක පුතා තමා නිදා සිටි නිසා කිසිවක් දන්නැතැයි කී නමුත් ඔහු නිදාගත් වේලාව හා දුරකථනයේ එස්එම්එස් හුවමාරුවූ වේලාව අතර පරස්පරයක් තිබුණි.
දින කිහිපයකට පසු මවගේ මිනිය හමුවූ අවස්ථාවේ ඔහු ඇඬුවේ තරමක් අසාමාන්‍ය ලෙසය. මිනිය ඔතා තිබුණ රෙදි කැබැල්ලක් නිවසේ තිබුණ සරම් කැබැල්ලක් හා සසැඳීමද පොලිසියේ සැකයට හේතු
විය. නිවසේ මිනිය තබා තිබුණ දිනයේ අසාමාන්‍ය ලෙස මුහුණ අකුළාගෙන සිටි කුෂාන්ගේ හැසිරීම ඔහුගේ පවුලේ අයටත් තරමක් සැක මතු කර තිබුණි.
ඝාතන පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම 18 හැවිරිදි පුත‍්‍රයා කෙරෙහි අවධානය යොමු කළේ මේ සියලූ කාරණා වලින් අනතුරුවයි.
ඔහු මුලින් බොරු කීවත් පොලිසියට ගෙන්වා ඇසූ හරස් ප‍්‍රශ්න වලදී නිරුත්තර වන්නට බැරි විය. තමා මව මැරූ බව හා ඒ පෙම්වතියට අවුරුදු තෑගි දෙන්නට මුදල් නොදුන් නිසා බව ඔහු කීවේ ඒ අනුවය. මිනීමැරුම ‘කහවත්ත රැල්ලට’ යවන අටියෙන්
අවුල් සහගත පවුල් වටපිටාව තුළ මවට ගරු නොකළ ඔහු මරා දැමූ මව නිරුවත් කර දූෂණය කළ බව අඟවන්නට ඇඳුම් උනා දමා ඇළට විසිකළ බවද කියා තිබුනේ පිළිකුල් සහගත ලෙසය.
ඝාතනයට ලක්වූ චන්ද්‍රානි මහත්මියගේ සිරුර සඳුදා සවස 2.40ට පමණ සොයා ගන්නා අවස්ථාවේ සිරුරේ කිසිදු වස්ත‍්‍රයක් නොතිබූ බවත් ඊට කබරයින්ගේ සහ ජලජ සතුන්ගෙන් හානි සිදුවී තිබූ බවද පොලිසිය පවසා තිබුණා.
මෙම සිරුර දුටු අවස්ථාවේ මිනිමරු පුත‍්‍රයා බොරුවට හඬා තිබුණ අයුරු රූපවාහිනී කැමරා වලද සටහන්ව තිබුණි.
ඒ පහත පරිදිය.