මාධ්‍යවේදී ඞී. එෆ්. කාරියකරවන සමුගනී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඞී. එෆ්. කාරියකරවන මහතා ඊයේ දිවියෙන් සමුගත්තේය. මිය යනවිට ඔහු 94 වන වියේ සිටියේය.

සිංහල වියරණය සම්බන්ධ පොත පත රැසක් ලියූ ඔහු මියයනතුරුම පුවත්පත් තීරු ලිපි රචනා කරමින් මාධ්‍යවල පවතින වියරණ දෝෂ පිළිබඳ උපදෙස් සැපයූවේය.
උපතින් කතෝලික බැතිමතකුවූ කාරියකරවන මහතා තරුණ සමයේ වෙසක් පොහොය දිනයකදී බුදු දහම වැළඳ ගෙන ඇති අයෙකි,
කාරියකරවන මහතාගේ ඉල්ලීම පරිදි ඊයේ පෙරවරුවේ බෞද්ධ චාරිත‍්‍රානුකූලව මහා සංඝරත්නය විසින් පාංශුකූලය පිරිනමන ලද අතර ඔහුගේ ඉල්ලීම පරිදි සිය දේහය ඊයේ පස්වරුවේ සිය දරු මුණුපුරන්ගේ සහභාගීත්වයෙන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත භාරදෙන ලදී.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි