සංක‍්‍රමණික බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේ ගිලී 700 ක් ජීවිත අහිමිවේ
අප‍්‍රිකානු මහ ද්වීපය හා යුරෝපය අතර පිහිටි මධ්‍යධරණී මුහුදේ ගමන් ගත් සංක‍්‍රමණික බෝට්ටුවක් පෙරළී යාමෙන් අද උදෑසන ජීවිත 700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHwkcYI54OOYKY9IWsUY7GHWJfTgq6N-aNZBKCvQgfzkYRBQx_uiLuzQ-9ds9Tw7oEQihH1T5eivH-GlG0CvE0A37uM_2SORpHbhyphenhyphenCNXfIyvk8I3cdroorpQEmwF6hRJxKfbgtZruWFX-f/s0/A-crowded-boat-of-immigra-011.jpg)
වැඩි පිරිසක් ගමන් කර ඇත. මධ්‍යම රාත‍්‍රියේ රළ පහර වේගය වැඩිවීම
හෝ වෙනයම් හේතුවක් මත එම පිරිස ඉතාලිය වෙත ගමන් කරන්නට පෙර ලිබියාවෙන් සැතපුම් 17 ක් එපිටින් ලිබියානු මුහුදු සීමාව ආසන්නයේ දකුණු දිග ඉතාලියේ පිහිටි ලැම්බදුසා නමැති දූපත අසළදී පෙරළීමට ලක්ව ඇත.
පෙරළීමෙන් අනතුරුව මගීන් මුහුදේ පාවුණ අවස්ථාවේ ඉතාලි බලධාරීන් ක‍්‍රියාත්මකවී ඔවුන් බේරාගන්නට උත්සාහයක යෙදුණ අතර අන්ධකාරය නිසා බේරාගැනීමේ මෙහෙයුම පහසුවී නැත. උදෑසන වනවිට බේරාගත් මගීන් ගණන 28 ක් වූ බව වාර්තා වුණා.
පසුව මෙම බේරාගැනීමේ කටයුතු තවත් තර කරන ලද නමුත් ජීවිත හත්සිය ගණනක් මුහුද තුළට අකාරුණික ලෙස බිලිගෙන ඇති බව හා සිදු කළ හැක්කේ මළ සිරුරු සෙවීම පමණක් බව මේ වනවිට ඉතාලි බලධාරීන් ප‍්‍රකාශ කර ඇත. ඉතාලි නාවුක සේවයට අයත් යාත‍්‍රා 23 ක් මෙම බේරාගැනීම් මෙහෙයුමට යෙදවූ බව බීබීසිය වාර්තා කළා.
අප‍්‍රිකානු සංක‍්‍රමණිකයින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට සංක‍්‍රමණයවීම දිගු ඉතිහාසයක් ඇති ගාටලූවක් වන අතර ඒ නිසා නිරන්තරයෙන්ම බෝට්ටුවල ගොස් මරණයට පත්වන අය ගැන ආරංචි විදෙස් වාර්තාවල සුලබය. නමුත් මෙතරම් විශාල පිරිසක් බෝට්ටුවකින් පෙරළී එකවර මියයාමේ සිද්ධි කලකින් වාර්තා වී නැත.
පසුගිය කාලයේ ලිබියාවේ පැවති දේශපාලනික අස්ථාවරත්වය නිසා ලිබියානු වැසියන් යුරෝපයට පළායාම මෑත කාලයේ ප‍්‍රවණතාවයක්ව පැවති අතර මෙම සංසිද්ධිය ඒ හා සම්බන්ධ අවාසනාවන්ත සිදුවීමකි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgw_pLFclT3Na5IjXNrBUAyu5QmtZBEEt2ihgxGVYZkYMnK8G-XpmozQaquA3OYkZS13LqYPbHvYRBM62CGCQ0VZNbLag5oXEqK2VYCz7e4usjPY0VVFkzVFdCLbgZXdXpkXtp8WuJU62pP/s0/MAIN-Lampedusa.jpg)