මලල ක‍්‍රීඩා මුල් පුටුවට හරින් තරග කරයි

මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති තනතුර සඳහා ඌව පළාත් සභා මහ අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා තරග කිරීමට තීරණය කර තිබේ.
15දා මධ්‍යාහ්න 12.00ට නාමයෝජනා බාර දීම අවසන්වීමට නියමිතව තිබූ අතර එදින පෙ.ව. 11.55ට ඔහු සභාපති තනතුර සඳහා නාමයෝජනා බාර දී ඇති බව වාර්තාවෙයි.
මේ පිළිබඳව මහ අමාත්‍යවරයාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ කඩා වැටුණු මලල ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කළ ඉල්ලිමක් අනුව තමන් සභාපති තනතුරට තරග කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.
ඉන්දිය හේවාවිතාරණ /සංජීව ධර්මසේන

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි