CSN මහින්දගේ පුතුන්ට අයිති නෑ ලොක්කා ජයවර්ධන කියලා නැව් සමාගම් හිමියෙක් - හිටපු ප‍්‍රධාන විධායක නිශාන්ත කියයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැදමුලන නිවසේ ‘කාල්ටන්’ නම යොදා පවත්වාගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් සී එස් එන් නාලිකාවේ අයිති කරුවන් පිළිබඳ මේ වනවිට අවිනිශ්චිත තත්වයක් මතුව ඇත.
එම නාලිකාවේ සැබෑ අයිති කරුවන්ගේ නම් තමන් පොලිස් මූල්‍ය අපරාධ අංශයට
ලබාදුන් බවත් ජයවර්ධන නමැති නැව් සමාගම් හිමියෙකු එහි එක් හිමිකරුවකු බවත් කළමනාකාර මණ්ඩලයේ අනෙක් අයගේ නම් හෙළි කරන්නට තමා අකමැති බවත් එහි 2012-13 කාලයේ ආරම්භක ප‍්‍රධාන විධායකවරයා වන නිශාන්ත රණතුංග බීබීසිය අමතා පවසා තිබෙනවා.
එම නාලිකාවේ අයිතියට යෝෂිත නාමල් හෝ මහින්ද රාජපක්ෂ පවුලේ කිසිවෙකුගේ සම්බන්ධයක් නැති බව අවධාරණය කර ඇති ඔහු සීඑස්එන් යනු මහින්දගේ පුතුන්ගේ නාලිකාව යනුවෙන් උපාලි ධර්මදාස මහතා බීබීසියට මින් පෙර කර තිබුණ ප‍්‍රකාශය ගැන ඔහුගෙන්ම අසාගන්නා ලෙස ප‍්‍රති උත්තර බැඳ ඇත.
එම නාලිකාවේ අක‍්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ලක් විභාග කරන්නට ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ගොස් පැය 5 ක කට උත්තර බැන්ද නිශාන්ත රණතුංග ඉන් අනතුරුව බීබීසිය අමතමින් කියා සිටියේ රාජපක්ෂ පවුලේ අයිතියක් මෙන්ම පැවති රජයේ කිසිම ආකාරයක අනුග‍්‍රහයක් මෙම නාලිකාවට නොලැබුණ බවත්ය.
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දේශීය ක‍්‍රිකට් තරග විකාශය කිරීමේ පූර්ණ අයිතිය මෙම නාලිකාවට ලබාදීම ගැන චෝදනාද ඔහු ප‍්‍රතික්ෂේප කළ අතර සියල්ල නීතිය අනුව සිදුව ඇති බවද කියා ඇත.