සංගාට ෂාරුක්ට සයන් මලික්ට එංගලන්තයේදී ආසියානු සම්මාන
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEij6zbmGHL26V17UBgOj766jjkebxf6TXCo4T28jCFLmhwUAVcHXLEW1qbfsQ7fgAYrYsxpzzkSGZ6oAHkElGzRtZaKLtjb_vTT6sPVTljiHv-E1h5RjTiQbNOqbbs9KYXkmEQ5AIG17Okt/s0/page1.jpg)
එංගලන්තයේ ප‍්‍රකාශයට පත්කරන ‘ඒෂියන්ස් යූකේ’ නමැති ඉන්දියානු පදනමක් ඇති සඟරාව වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේදී
ආසියානු කලාපයේ ක්ෂේත‍්‍ර කිහිපයක් යටතේ ඒ ඒ වසරවල විශිෂ්ට ලෙස කැපී පෙනුණු අය ඇගයීමට භාජනය කරනු ලබනවා. මෙවර ක‍්‍රීඩාව සඳහා සංගක්කාර ඇගයීමට භාජනය කරන අතරවාරයේ
සිනමාව වෙනුවෙන් ෂාරුක් කාන්
සංගීතය වෙනුවෙන් සයන් මලික්
විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් ශ‍්‍රීමත් ටෙජින්ජර් සිං වීර්දි
රූපවාහිනිය වෙනුවෙන් සංජීව් බෂ්කර්
ව්‍යාපාර හිමිකාරත්වය වෙනුවෙන් හින්දුජා බ‍්‍රදර්ස්
හොඳම ව්‍යවසායකත්වය වෙනුවෙන් ගෝපි ගෝපලක‍්‍රිෂ්නන්
සම්මාන හිමිකරගත් අතර විශේෂ ඇගයීමක් ලෙස ආචාර්ය අමර් බොස්ටද සම්මානයක් පිරිනමා තිබෙනවා.
වාර්ෂිකව පවත්වන මෙම සම්මානයෙන් දෙවැනි වරට පිදුම් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයා වන්නේ සංගායි. ඔහුට ප‍්‍රථම මුත්තයියා මුරලිදරන් මෙම සම්මානයෙන් 2011 වසරේ පිදුම් ලබා ඇත.
එම උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්