නව මැතිවරණ යෝජනාව ශ‍්‍රිලනිප ඇමති කෙනෙකුගෙන් අද කැබිනට් මණ්ඩලයට

යෝජනා කිරීමට නියමිත මැතිවරණ ක‍්‍රම සංශෝධනය අද 22 බදාදා රැස්වන කැබිනට් මණ්ඩගයට ඉදිරිපත් කිරීමට නියමිතය. එය ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු කැබිනට් මණ්ඩලයට යෝජනා කරනු ඇත.

එම යෝජනාව අනුව ඉදිරියට පාර්ලිමේන්තු ආසන 250 කි. එයින් 165 ක් ආසන ක‍්‍රමයට තෝරන්නටත් දිස්ත‍්‍රීක් අනුපාත ක‍්‍රමයෙන් 66 ක් තෝරන්නටත් ජාතික ලැහිස්තුවෙන් 19 ක් තෝරන්නටත් යෝජිතය.
මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ පසු 20 වන ව්‍යවස්ථා සංශොධනය ලෙස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අනුමත විය යුතු අතර ඒ සඳහා ප‍්‍රධාන පක්ෂ බොහෝ දුරට එකඟතාව ලබාදී ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි