වර්ජනය අවසන් මහින්ද නොයා අල්ලස් කොමිසම මහින්ද ගාවට යන්න කැමතිවී ප‍්‍රශ්නය විසඳේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව ඊයේ සහ අද පැවති විරෝධතා නවතා දමන්නට එම විරෝධතාකරුවන් මින් ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී එකඟවී තිබෙනවා.
ඒ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් අල්ලස් කොමිසම සමග කතාකොට එම කටයුත්ත වෙනස් ආකාරයට කිරීමට යෝජනා කිරීමෙන් පසුවය.
ඒ අනුව හිටපු ජනපති කොමිසමට යනු වෙනුවට කොමිසම මහින්දගේ නිවසට ගොස් අවශ්‍ය පරීක්ෂණ කටයුත්ත සිදු කිරීමට කටයුතු කරනු ඇත.

මෙම ප‍්‍රශ්න කිරීම හිටපු ජනපතිවරයාගේ ගෞරවය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස
විරෝධතාකරුවන් සලකා තිබුණ අතර ඊයේ රාත‍්‍රියේ විමල් වීරවංශ හිටපු ඇමති වරයා කියා සිටියේ මේ හේතුව මත ජනතාවගේ අපේක්ෂාව වන 19 වන සංහෝධනයට වුවත් තමන් කැමති නොවන බවයි. ආණ්ඩුවට අලයක් තරමට වත් මොළයක් තියනව නම් 19 ගේන වෙලාවෙ මේවගේ හිරිහැර නොකර ඉන්න  ඕන ලෙස ඔහු කියා තිබුණා.

පසුගිය ජනපතිවරණ අවසන් සමයේ හිටපු ජනපතිවරයා එජාපයෙන් ආ තිස්ස අත්තනායක දේශපාලන වාසියට පාවිච්චි කිරීම සඳහා අල්ලස් ලෙස ඇමති ධූරයක් පිරිනැමීම මෙම ප‍්‍රශ්න කිරීමට නිමිත්ත ලෙස සඳහන් කර තිබුණ අතර හිටපු ජනපතිවරයාගේ පාලන කාලයේ වෙනත් චෝදනා ගැන අල්ලස් කොමිසමට ඔහුව ප‍්‍රශ්න කිරීමට තවම උවමනාවී නොමැත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්