දූෂිතයන් වෙනුවෙන් කෑගසන්නේ ඔවුන්ගෙන් වාසි ගත් අයයි

දූෂිතයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන විට ඊට එරෙහිව උද්ඝෝෂණය කරන්නේත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේත් දූෂිතයන්ගෙන් වාසි ලබාගත් අය බව මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරයට යෑවූ අවස්ථාවේ උද්ඝෝෂකයන් කිසිවකුට එය දැනගැනීමට නොහැකි වූ බවද හෙතෙම කීය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පවා ඊයේ විරෝධතා පෙනෙන්නට තිබුණු බව කී ඇමැතිවරයා මේ හැම අයෙකුම සල්ලිවලට කෑගහන උදවිය බව අවධාරණය කළේය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

යහපාලන රජය දූෂණ අක‍්‍රමිකතා කළ අයට දඬුවම් දෙන්නේ නැතැයි විරුද්ධවාදීන් කෑගසනවා. අපි දඬුවම් දෙනකොට ඒවා දැන් වළක්වන්න හදනවා.

සරත් ෆොන්සේකා මහතා යුද්ධය නිම කිරීමට දායක වූ සෙන්පතියෙක්. එදා ඔහු හිරේට නියම වෙද්දී ඔය දේශීය කැක්කුමක් තිබෙන උදවිය කොහෙද හිටියේ?

නෝමන් පළිහවඩන

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්