මහින්ද අල්ලස් කොමිසමට කැඳවුවාට පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය දෙවන වර කියවීම අනිද්දා දිනය දක්වා කල්තැබීමට කථානායක වරයා තීරණය කළා.
 එම කාලය තුළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ලියවිලි සම්පූර්ණ කර මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමෙන් පසු අගහරුවාදා සහ බදාදා ඒ පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.
මෙම කල්තැබීමේ අවස්ථාවේ තමන්ට කතා කාරීමට දෙයක් ඇති බව කියමින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හඬ නැගූ නමුත් අවස්ථාවක් ලැබී නැත.
ඔවුනට අවශයවූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම ගැන ප‍්‍රශ්න කිරීමටය.
පසුව විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ මැදට පැමිණ කලබලකර තිබෙන බව වාර්තා වුණා. ඇතැමෙකු මැද රතු පලසේ වැඩිවී සිට ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්