කණේ අමාරුව සුවවූ විමල් බිරිය අවුරුද්දට මහින්ද බලන්න ගිහින්

අත්අඩංගුවට පත්වන්නට යන විට හදිසි කර්ණ ආබාධයක් හටගත් අතර ඇය ඒ නිසා රෝහල්ගතවී ප‍්‍රතිකාර ලබාගත්තා. ඇගේ රෝහල්ගතවීමද ආන්දෝලනාත්මක පුවත් මැවූ අතර ඇය ඇගේ දරුවන් බදාගෙන හඬමින් සිටින අයුරු දුටුවිට ජනතාව තුළ ඇතිවූයේ බලවත් අනුකම්පාවකි.
ඇය පොලිස් අත්අඩංගුව යටතේ රෝහලේ සිටින විට ලෙඩ බලන්නට ආ හිතවතුන් අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂද සිටියා.
මෙවර සිංහල අවුරුද්දට ඇය ඇගේ යුතුකම ඉටු කරමින් හිටපු ජනපතිවරයා බලන්නට කාල්ටන් නිවසට ගොඩ වැදී සතුටු සාමීචියේ යෙදුණ අවස්ථාවක ඡායාරූප කිහිපයක් මේ සමග වේ. ඇගේ පුතු හා දියණියද එක් ඡායාරූපයක සිටී.
මේ කාලයේ මහින්දගේ කිට්ටුම හිතවතාවී සිටින විමල් වීරවංශද සිනාමුසු මුහුණින් මහින්ද බලන්නට එදා ඇවිත් සිටියා.

