අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති

ඊයේ රාත‍්‍රී ජාතිය ඇමතු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමා ලබාදුන් මාධ්‍ය නිදහස  ගැන මෙසේ සඳහන් කළා.

‘අපි මේ ලබාදී තිබෙන මාධ්‍ය නිදහස, අපි අර කථාකරන වල්බූරු නිදහසක්
කර ගත් අයත් ඉන්නවා. සමහර මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය දැක්හම මට පුදුමයි මේ ලැබුණු නිදහස ඇයි වැරදි විදිහට පාවිච්චි කරන්නේ කියලා.
මේ රටේ තිබෙන අභ්‍යන්තර ප‍්‍රශ්න අපි තේරුම්ගන්න  ඕන. මේවා උඩුදුවලා අවුරුදු 30 ක යුද්ධයක් එක්ක ඇතිවුණු ප‍්‍රතිඵලය මේ රටේ නැවත යුද්ධයක් නොවන්න අපි කටයුතු කරන්න  ඕන.
ඉතා කනගාටුවෙන් කියන්න  ඕන අපේ දේශපාලන විරුද්ධවාදින් අන්තර්ජාලය හරහා ඇතැම් මාධ්‍ය හරහා කරන ඉතාම අසත්‍ය ප‍්‍රචාර, උතුරේ හමුදාව අයින් කරලා කියනවා. හමුදාව අඩු කරලා කියනවා. සාම්පූර්වල එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදින්ට ඉඩම් දීලා කියනවා. සුළු ජාතින්ට දෙමළ, මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට වඩා වැඩි අයිතිවාසිකම් දීලා කියනවා. සම්පූර්ණයෙන්ම මේ කථා පතුරුවන්නේ අන්තයට ගිය ජාතිවාදින්. කරුණාකරලා මේ අසත්‍ය ප‍්‍රචාර ලෝකයට දෙන්න එපා.’

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්