හම්බන්තොට වෙරළ පාගන්න ගිය කොළඹ පවුලේ ඛේදවාචකය බිරිය හා දරු තිදෙනා ගසාගෙන ගොස් මරුට සැමියා ඉතිරි වෙයි

රළ පෑගීමට ගිය එකම පවුලේ සිවු දෙනෙක් මුහුදට බිලිවීමේ ඛේදවාචකයක් හම්බන්තොට මුහුදු තීරයෙන් වාර්තා වනවා. කොළඹ කොටහේනේ පදිංචි මුස්ලිම් ජාතික පවුලක සැමියා ඉතිරිව සිටියදී බිරිය සහ දරු තිදෙනා මෙම අනතුරින් මියගියා.

මෙම පවුල හම්බන්තොට ප‍්‍රදේශයට පසුගිය සිකුරාදා රාත‍්‍රියේ ගොස් ඇත්තේ ඥාතී නිවසක මංගල උත්සවයකට සහභාගී වීමටය. ඔවුන් සෙනසුරාදා උදෑසන එම නිවස ඉදිරිපිට ඇති මුහුදු තීරයේ
රළ පෑගීම සඳහා ගොස් සිටි අවස්ථාවේදී දිය රළකට හසුවීමෙන් එක් දරුවෙකු මුහුදට ගසාගෙන ගොස් ඇත. එම දරුවා බේරා ගැනීම සඳහා මව යද්දී එම රළ පහරට මවද හසුවී ඇත. එම අවස්ථාවේ මේ දෙදෙනාම බේරා ගැනීම සඳහා පියා ගොස් ඇති අතර, පියා සමග සිටි අනෙක් දරු දෙදෙනාද ඔහු

පසුපස ගොස් ඇත. ඒ අවස්ථාවේ වැඩිහිටි දෙදෙනා කලබලවිමත් කුඩා දරුවන්ට නුහුරු නිසා ඔවුන් අල්ලන්නට වෙන වෙනම දෙදෙනා තැත් දැරීමත් නිසා මොවුන් පස් දෙනාම මුහුදට ගසාගෙන ගොස් තිබූ අතර වෙරළේ කෑගසන ශබ්ද ඇසී ප‍්‍රදේශවාසීයෙකු මෙම සිද්ධිය දැක මුහුදුට පැන දියේ ගිලෙමින් සිටි සැමියා බේරා ගෙන ඇත. එම අවස්ථාවේ බිරිය සහ දරුවන් ළඟපාත පෙනෙන්නට සිට නැත.
අසාධ්‍ය තත්වයේ පසුවූ සැමියාට මූලික ප‍්‍රතිකාර ලබාදී හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට ප‍්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා.

මෙම සිද්ධියෙන් බිරිය හා පුතුන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගෙන ඇති නමුත් අවුරුදු 06 ක දියණියගේ සිරුර මෙතෙක් සොයාගෙන නොමැත. අතුරුදන්ව සිටින දැරියගේ සිරුර සොයා ඊයේ (25) දිනය පුරා ප‍්‍රදේශය ධීවර ජනතාව හා කිමිදුම්කරුවන් මෙහෙයුම් දියත් කළ නමතු දියඹේි රළු ස්වභාවය නිසා මෙහෙයුම අතරමග අතහැර දමා ඇත. මළ සිරුරු හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සිල්වා සුමිත් පටුමග, කොළඹ 12 යන ලිපිනයෙහි පදිංචි එකම පවුලේ ෆාතිමා තිසාරා (31), මොහොමඞ් සයිබ් (10) පුතා හා මොහොමඞ් ෂයික් (2) පුතා හා ෆාතිමා සිෆ්රා (06) යන දියණියයි. ෂාරුක් මොහොමඞ් සබ්රුදීන් නමැති පියා මෙම අනතුරින් දිවි බේරාගෙන තිබුණා.

අනාරක්ෂිත ප‍්‍රදේශයක රළ පෑගීමට යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් පිටස්තර ප‍්‍රදේශවලින් පැමිණෙන පිරිස් මෙවැනි ප‍්‍රදේශවලදී රළ පෑගීමට යාම ප‍්‍රවේශමෙන් කළ යුතු බවත් පොලිසිය දන්වා ඇත. මරණ පරීක්ෂණ අද සිදු කෙරේ.
අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්