වඳුරඹ සිද්ධියෙන් පසු අතුරුදන්වූ බවට පොලිසිය කියූ මුතුහෙට්ටිගම ‘මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’ කියමින් වේදිකාවේ ගී ගයයි Video

පසුගියදා වඳුරඹදී මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවක් විනාශ කළ බවට චෝදනාවට ලක්වීමෙන් පසු අත්අඩංගුවට පත් තමන්ගේ ආධාරකරුවන් පොලිස් ග‍්‍රහණයෙන් මුදාගන්නට ක‍්‍රියාකළ නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම මෙම සිද්ධියෙන් පසු

ප‍්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කර තිබුණා.
නමුත් පෙරේදා ගාල්ලේ උඩුගමදී පැවති දේශපාලන රැස්වීමකදී ගීතයක් ගායනා කිරීමට ඔහු වේදිකාවට නැග්ගේ පොලිසියේ අය බලා සිටියදීමය. ‘මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු ගීතය’ ඔහු ගායකයාගේ හඬ අනුව මුව සොලවමින් ගායනා කරන්නට උත්සාහ කරා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්