මෛත‍්‍රීගේ විවාදයට ඒමට ජනපති කැමැති වුණත් ශ‍්‍රීලනිප එපා කියනවා

මෛත‍්‍රීපාල සිරිසේන මහතා අභියෝග කර ඇති විවාදයට සහභාගි වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලෙස ඊට විරුද්ධ වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

හිටපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ එම අභියෝගය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස තමා ප‍්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා පැවසීය.
ඊට හේතුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය වංකභාවයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එකඟ නොවීම සහ මනාප ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳ කමිටු වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ආණ්ඩු පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීම තුළ දී විරුද්ධ වූ ප‍්‍රබලයා එවකට සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළ  සිරිසේන අමාත්‍යවරයා වීම බවත් ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. සමාජයට බලපාන සාධාරණ ප‍්‍රශ්නයක් වෙනුවෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී මෛත‍්‍රීපාල මහතා කවදාවත් විවාද කර නැති බවත් අලහප්පෙරුම මහතා පැවසීය.

එමෙන්ම මෛත‍්‍රීපාල මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ලෙස අත්සන් කර තිබෙන බවත් එතුමා මහලේකම්වරයා නම් සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් එය පැවැත්විය යුත්තේ මෙම ශ‍්‍රී ලංකා නිදහහස් පක්ෂ මූලස්ථානයේ දී බව ද ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

නමුත් අපි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කරනවා. ජනවාරි 09 වැනි දා එතුමාට ඇතිවෙන පරාජයේ සන්තාපයෙන් සහ වේදනාවෙන් පස්සේ තමන් බරපතළ රැවටීමකට ලක්වුණු බව පිළිගත්තට පස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක කතාකරන්න එන්න කියලා. නමුත් අපි එදාට පරිස්සම් වෙමු ආප්ප නොකා ඉන්න. එදාට අපි කෝපි කෝප්පයක් බිලා කතාකරමු.
යනුවෙන් ද එහි දී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (21* ශ‍්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
සුරේකා නිල්මිණි ඉලංගකෝන්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්