මහනුවර නායයාම අතරතුර නව දෙමහල් නිවස බිමට සමතලා වුණ හැටි (වීඩියෝ)

මහනුවර දිගන ප‍්‍රදේශයේ අද සිදුවූ නායයාම් තත්වය හේතු කොට කඳු බෑවුමක පිහිටා තිබුණ දෙමහල් නව නිවසක් එහි අත්තිවාරම සෙලවීමෙන් බිමට සමතලා වුණා.

මෙම කඩා වැටීමට පෙර නිවසේ බිත්ති පුපුරා ඉරිතලා යාම නිසා
එය කඩාවැටෙන ලකුණු කල් ඇතිව දැනෙන්නටවූ අතර අවට සිටි අයට වීඩියෝ ගතකරන්නටද හැකිවුණා.
දිගන ගෝනවල ප‍්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා වුණා. උදෑසන සිට ප‍්‍රදේශයේ නායයාම් අවදානමක් පැවති සිටි නිසා එම නිවසේත් අවට නිවාසවලත් වාසය කළ අය බලධාරීන් විසින් ඉවත් කරගෙන තිබුණා. මෙම අලූත් නිවස කඩා වැටෙන ආකාරයත් ඒ දෙස බලාසිටි නිවස හිමිකරු සැමියා හා බිරිය දුක්මුසුව සිටි ආකාරයත් පහත වීඩියෝවේ දැක්වෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි