ගම්මන්පිලගෙ අලූත් පක්ෂේ ‘පිවිතුරු හෙල උරුමය‘

ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප‍්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට උදය ගම්මන්පිල මහතා තීරණය කර ඇත.

එම පක්ෂයේ නම පිවිතුරු හෙළ උරුමයයි. එහි සංකේතය නෙළුම් මල ලෙස තීරණය කර තිබේ. පිවිතුරු බව, ප‍්‍රඥාව සහ සාමූහිකත්වය සංකේතවත් කරමින් නෙළුම් මල පක්ෂයේ සංකේතය ලෙස ඔහු යොදාගන්නට අදහස් කරයි.

පක්ෂයේ පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාද දැනුවත් කර ඇති බවත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට තීරණය කළ බවත් ඔහු පවසයි.
ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 18ක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත‍්‍රීවරුන් තිදෙනෙකුගේ සහයද දැනටමත් ඔහු සතු බවද කියයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි