ආණ්ඩුව දැන් 149යි තුනෙන් දෙකක බලය අහිමි වෙයි

බදියුදීන් සහ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී අමීර් අලි යන මහත්වරු ඊයේ (22 දා) ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ මෙසේ බහුතර බලය ආණ්ඩු පක්ෂයට අහිමි විය.
ඒ අනුව ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගණන (කථානායකවරයා ද සමගින්) 149 කි. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ගණන 76 කි.
තුනෙන් දෙකක බහුතර බලයක් සඳහා අවශ්‍ය මන්ත‍්‍රීවරුන් ගණන 150 කි. මේ අනුව මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ තිබූ බහුතර බලය ඊයේ සිට ආණ්ඩු පක්ෂයෙන් ගිලිහිණි.