මහින්දගේ ප‍්‍රතිපත්තිය දින 4 ක් කල්ගියේ ඇයි


තුන් කල් දැක්ම නමින් එළිදක්වන මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඉදිරි දශකය තුළ රට තුළ සිදුකරන සංවර්ධන ක‍්‍රියාවලිය පිළිබඳව ඇතුළත් බවත්, එම ප‍්‍රතිපත්ති
ප‍්‍රකාශයේ 2005 වසරේ ඉදිරිපත් කළ මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය සහ 2010 වසරේදී ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ඉදිරියේදී සිදුකරන බවට සඳහන් කර තිබෙනා කරුණුද ඇතුළත් කර තිබෙන බවද එම පක්ෂය පෙන්වාදෙයි.

මෙසේ දින වෙනස් වුයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  මැතිවරණ ප‍්‍රකාශනයට අනුව ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සංශෝධනය කරන නිසාදැයි පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ඇමති ඩලස්ගෙන් මාධ්‍යවේදීයකු ප‍්‍රශ්න කළ අතර අමාත්‍යවරයා එහිදී පැවසුයේ මහින්ද චින්තනය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් නොවන එකකට එකක්  බැඳුණු ප‍්‍රතිපත්තියක් නිසා කිසිම හේතුවක් මත සංශෝධනය අවශ්‍ය නොවන බවයි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්තිය මේ මස 22 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත‍්‍රණ ශාලාවේදී එළිදක්වන්නට නියමිතව තිබියදී එය 26 දක්වා කල්ගිය බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්