මේ සතියේ තවත් පිල් මාරු

තීරණාත්මක දේශපාලන පිල්මාරු කිහිපයක් අදින් ඇරඹෙන ඉදිරි දින කිහිපය තුළ සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු මේ අතර සිටින අතර, ඉන් කෙනෙකු වන්නේ ආයෝජන ප‍්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර්මුස්තාපා මහතාය. එක් නියෝජ්‍ය
අමාත්‍යවරයෙකු මාතර දිස්ත‍්‍රික් නියෝජනය කරන්නෙකු බවත්, අනෙක් නියෝජ්‍ය අමාත්‍යවරයා පොළොන්නරු දිස්ත‍්‍රික්කය නියෝජනය කරන බවත් එම ආරංචි මාර්ග පවසයි.

දකුණු පළාත නියෝජනය කරන  අමාත්‍යයවරයෙකුද තමාගේ තදබල කලකිරීම ඉකුත්දා ප‍්‍රකාශ කර තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු පිළිබඳවද එවැනිම ආරංචියක් පළවන අතර ආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු නැවත ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමේ උත්සාහයක්ද මේ අතර පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, ප‍්‍රාදේශීය සභා පහක් නියෝජනය කරන විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට ඉදිරි සතිය ඇතුළත එක්වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මහර, ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ හා සීතාවක යන ප‍්‍රාදේශීය සභාවල විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් මෙසේ ආණ්ඩුවට එක්වීමට නියමිතය.
මේ වනවිටත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධානීන් කිහිප දෙනෙකු මුණගැසී තමන්ගේ සහාය ලබාදෙන බවට මෙම මන්ත‍්‍රී පිරිස පවසා ඇති බවද සඳහන්ය.
අදාළ ප‍්‍රාදේශීය සභාවල දීර්ඝ කාලයක් කටයුතු කර ඇති මෙම මන්ත‍්‍රී පිරිස ඉකුත් කාලයේදී විපක්ෂයේ නායකයා ගත් තීරණ සම්බන්ධයෙන් කළකිරීමෙන් සිටි බවද දැනගන්නට ලැබේ.

හෙරල් සේනාධීර/අමිත් මධුරංග

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්