මට රැස්වීම් තියනවා අභියෝග විවාදෙට එන්න බෑ - ගම්මන්පිල
තමාට දැනුම්දීමක් නොකර දිනයක් තීන්දු කරගෙන අද දිනයේ විවාදයක් පැවැත්වීමට යොදා ගෙන ඇතත් කලින් යොදාගත් රැස්වීම් ගණනාවක් ඇති බැවින් අද දිනයේ විවාදයට සහභාගි වීමට අවස්ථාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කරයි.
එමෙන්ම තමන්ට ප‍්‍රසිද්ධ විවාදයක් සඳහා ආරාධනා කළ ජාතික හෙළ උරුමය පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා හෝ පාඨලී චම්පික රණවක මහතා විවාදයට සහභාගි නොවී පක්ෂයේ දෙවන පෙළ නායකයකු වන අනුරුද්ධ ප‍්‍රදීප් මහතා විවාදයට නම් කර ඇතැයිද ඔහු කිසිම මැතිවරණයකට හෝ ඉදිරිපත් වී නොමැති අතර පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන්නකු නොවන බවද ගම්මන්පිල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම ප‍්‍රසිද්ධ විවාදයේදී තමන් ජාතික හෙළ උරුමයේ නියෝජිතයන්ට කැමති නාලිකාවක් නම් කිරීමට අවස්ථාව ලබාදුන් අතර ඔවුන් එම අවස්ථාව ප‍්‍රයෝජනයට ගනිමින් තමන්ගෙන් නොවිමසා අද (29* දිනය යොදාගෙන තිබෙන බවද උදය ගම්මන්පිල මහතා පැවසීය.
තමන්ට ජනවාරි මස 05 දක්වා ශ‍්‍රී ලංකාවෙත් මැදපෙරදිග රටවලත් රැස්වීම් ගණනාවක් ඇමතීමට යොදාගෙන තිබෙන අතරම විද්‍යුත් නාලිකා ගණනාවක සංවාදයන්ට සහභාගි වීමට ඇති බැවින් ඔවුන් විසින් තීරණය කරන ලද දිනයට එම විවාදයට සහභාගි වීමට නොහැකි බවද ගම්මන්පිල මහතා පැවසීය.