අතුරුදන්ව සිටි දනුන තිලකරත්න අධිකරණයට භාරවෙයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ  රජයෙන් චෝදනා එල්ලවීමෙන් පසු අධිකරණ වරෙන්තු ලැබූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ දියණියගේ පුතු (බෑණනුවන්) දනුන තිලකරත්න මහතා අද අධිකරණයට භාර

වුණා. ඔහු මුදල් ගනුදෙනුවකදී අක‍්‍රමිකතා සිදුවූ බවට චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබූ අතර
අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දනුන තිලකරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් මුදා හරිනු ලැබුවේ රුපියල් ලක්ෂ 4ක මුදල් ඇප සහ ශරීර ඇප දෙකක් මතය.
දනුන තිලකරත්න මෑතකදී රජයට සහාය දැක්වූ ක‍්‍රිකට් ක‍්‍රීඩක හෂාන් තිලකරත්නගේ ඥාතියෙකුද වනවා.