හැටන් හෝටලයක බත් පාර්සලයේ සිගරට් කොටයක්


හැටන් නගරයේ පැතිවීදියේ හෝටලයකින් දිවා ආහාරය සඳහා රුපියල් පන්සිය විස්සක මුදලක් ගෙවා ගත් බත් පාර්සල් හතරක් රැගෙන ගොස් ආහරයට ගන්නා අවස්ථාවේ එම බත් පාර්සල් හතරෙන් එකක් තුළ සිගරට්ටුවක කොටසක් තිබිම පිළිබඳව එම බත් පාර්සල් මිලදී ගත් අය විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.


ඉකුත් 27දා දහවල් බිත්තර, පරිප්පු, අර්තාපල් සහ මැල්ලූම් සහිත මෙම කෑම පාර්සල් තමා ආහාරයට ගන්නා අවස්ථාවේ තමන්ට මෙම සිගරට් කොටය හැපුණු බව බත් පාර්සලය ආහාරයට ගත් දික්ඔය වතුයායේ ඒ. මනිමාරන් මහතා පැවසුවේය.

තම සොහොයුරිය ලවා කෑම පාර්සල් හතරක් ගෙන්වා ගත් බවත් එයින් කෑම පාර්සල් තුනක් හොඳ තත්ත්වයේ තිබුණු බවත් එක පාර්සලයක පමණක් මෙම සිගරට් කොටය තිබූ බව මනිමාරන් මහතා පවසයි. මෙම කෑම පාර්සලයේ සිගරට් කොටය තිබිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. බාලා මහතාට මනිමාරන් මහතා දුරකථනයෙන් කතා කර දැනුම් දෙන අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔහුට පවසා ඇත්තේ තමන්ට මෙම අවස්ථාවේ පැමිණිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කරන ලෙසත්ය.

රංජිත් රාජපක්ෂ - හැටන්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්