පෙර චන්ද්‍රිකා ඉමිටේට් කිරීම ගැන ගයේෂාගේ පිළිතුර

මේ දිනවල අධික ලෙස ක‍්‍රියාකාරී දේශපාලනයක නිරතවන ටෙලි නාට්‍ය නිළි ගයේෂා පෙරේරා දවස තිස්සේ ශ‍්‍රීලනිප මූලස්ථානයේ සැරිසරන බව වාර්තා වනවා.

ඇයගෙන් මේ ගැන විමසීමේදී ඇය කියා සිටින්නේ කලාව හා දේශපාලනය ගැන ඇය පක්ෂ ක‍්‍රියාකාරීන් දැනුවත් කරන බවත් ඇයව නව ශ‍්‍රීලනිප මහලේකම්වරයා පවා නිතර හමුවන බවත්ය.
පළාත් සභා මැතිවරණයට සූදානම්ව සිට පසුව නාම යෝජනා නොලැබී ගියත් ඇය දැන් පවසන්නේ තමාට නාම යෝජනා නොලැබීම වටිනා අවස්ථාවක් වූ බවයි. ඒ හේතුකොටගෙන තමා ප‍්‍රසිද්ධවූ බවද ඇය කියනවා.
මේ අතර පසුගිය සති අන්තයේ පුවත්පතකින් ඇය චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගේ පෙර පෙනීසිටීම අනුකරණය කරමින් ඇඳුම් ඇඳීම ගැන විමසා තිබුණා. ඇය එයට සැපයූ පිළිතුර මෙසේය.

‘එයාගෙන් මම කිසිම ආදර්ශයක් අරගෙන නෑ.මගේ ඇඳුම් විලාසිතා තෝරගන්නෙ මට  ඕනෑ හැටියටයි. මම දේශපාලනයට ආවා කියලා සාරියෙන් ඔසරියට මාරුවුනේ නැහැ. අදටත් මම ඇඳුම් ගැන හිතන්නේ දේශපාලන චරිතයක් හැටියට නෙමෙයි. කලා ශිල්පිනියක් හැටියටයි. චන්ද්‍රිකා මහත්මියගෙන් මං මොකටද ආසර්ශ ගන්නේ එතුමිය මේ කරන වැඩවල හැටියට දවසින් දවස මං තවත් ඇයව ප‍්‍රතික්ෂේප කරන එක තමා වෙන්නේ..’

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි