මෛත‍්‍රීගේ පුතාගේ පෙම්වතියගේ පියා පසුපස රහස් පොලිසිය

රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක)වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇති බව අද ජාතික පුවත්පත් වාර්තා කර තිබෙනවා.


ඒ අනුව නුගේගොඩ, දුම්රියපොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කරන බව සඳහන්ය.
රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත‍්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බි‍්‍රෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත‍්‍රයා රහස් පොලිසියට පවසා තිබේ.

තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක‍්‍රියාත්මක වූ රහස් පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බි‍්‍රෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.

ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත‍්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් පොලිසිය එය 2006  අංක 05 දරන මුදල්
විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත‍්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව පසුගිය සෙනසුරාදා (20* රහස් පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත‍්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බි‍්‍රෆ් කේසයේ ඩොලර 100 නෝට්ටු 100 බැගින් වූ මිටි දෙකක් සහ ස්විස් ෆ‍්‍රැන්ක් 10000 නෝට්ටු 100 බැගින් වූ රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා කර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්