චන්ද්‍රිකා - හිරුණිකා කෑම කෑ බේරුවල නිවසට ප‍්‍රහාර

බේරුවල නගරයේදී ඊයේ (26දා) රාත‍්‍රියේදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවති රැළියට පැමිණි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී
හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය රාත‍්‍රී ආහාරය ගත් බේරුවල එ.ජා.ප සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඒ අවට සිටි පිරිසක් විසින් කෑ කෝ ගසමින් ගල් මුල් ප‍්‍රහාර එල්ල කිරීම නිසා බේරුවලදී රාත‍්‍රි 11.30ට පමණ උණුසුම් තත්වයක් ඇති තිබේ.
 මෙහිදී ඉෆ්තිකාර් ජෙමිල් මහතාගේ නිවසට ගල් මුල් ප‍්‍රහාර එල්ල වී ඇති අතර ඉෆ්තිකාර් ජෙමිල් මහතා ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
ගල් මුල් ප‍්‍රහාර එල්ල වීමෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගමන්ගත් වාහනයටද හානි සිදුවී ඇත.
 සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති අතර බේරුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්