මුතුහෙට්ටිගම රට පනී
අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.
රාත‍්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ.
නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පෙරේදා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.
හිතවතුන් දෙදෙනෙකු සමග තමන් දෙදින නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට ගිය බවත්, මැතිවරණය තෙක් රැඳී නොසිටින බවත්, අධිකරණ නියෝගයට ගරු කරන බවත්, මුතුහෙට්ටිගම මහතා දෙරණ වාර්තාකරු සමග පවසා තිබේ.
පසුගිය දිනවල සිදුවූ සිද්ධීන් සමග ඇතිවූ මානසික ව්‍යාකූලතාවය නිසා තමන් මෙලෙස විදේශ ගතවූ බව මුතුහෙට්ටිගම කියා ඇත.
වඳුරඹ මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීම, උඩප්පුවේ කඩ දෙකකට හානි කිරීම හා අත්අඩංගුවේ සිටි තිදෙනෙකු පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙනයාම යන චෝදනා නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එල්ල වී ඇත.
මෙකී චෝදනා සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් මුතුහෙට්ටිගම මහතා ළඟ සේවය කළ තිදෙනෙකු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රිමාන්ඞ් කෙරිණ.
අනතුරුව
අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමතිගේ ආරක්ෂකයින් තිදෙනා ද රිමාන්ඞ් කෙරුණු අතර ඔවුන් පෙරේදා බද්දේගම මහේස්ත‍්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු ඇප මත නිදහස් විය.
කෙසේ වෙතත් අදාළ නඩුව යළි දෙසැම්බර් මස 29 දින කැඳවන බවත්, එදිනට නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ ඔහුගේ රියදුරු අධිකරණය ඉදිරියට පැමිණවිය යුතු බවටත් පොලිස්පතිවරයා මගින් මෙම දැනුවත් කිරීම කර තිබුණි.
වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.
යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.
මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.
වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.