තුන්වෙනි තීරණය කියමින් ජනපතිට සහාය දෙනවැයි බොදුබල සේනාව කියයි
මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කළ බව එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ ් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
මුලින්ම ජනපතිට සහාය දෙන මේ තීරණය ජනපතිවරණ මුල් සමයේ ප‍්‍රකාශ කළ උන් වහන්සේ පසුව කියා සිටියේ අපි පැත්තක් ගන්නෙ නෑ එහෙම තීරණයක් ගත්තේ නෑ යනුවෙනි. ඊයේ සිය තුන්වන තීරණය දැනුම් දෙමින් යළිත් සහාය දෙන බව පවසා තිබුණා.
රට ගිල ගැනීමට මාන බලන සියලූ අශුද්ධ සංවිධාන මෛත‍්‍රිපාල මහතා සහ පොදු විපක්ෂය වටා එක්ව ඇති හෙයින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ ඊයේ කියා සිටියහ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකාරකම් සර්ව සම්පූර්ණ නොවුවත් නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳ යෑයිද ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
බොදු බලසේනා සංවිධානය ආණ්ඩුවට සහාය පළ කළ හොත් ආණ්ඩුවෙන් ඉවත් වන බවට රජයේ මුස්ලිම් ඇමැතිවරයෙකු කර තිබූ ප‍්‍රකාශය පිළිබඳව ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් කියා සිටියේ ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වීමට කියන්න කුමක් හෝ කරුණක් අවශ්‍යව ඇති හෙයින් එසේ කියන බවත් සාම්ප‍්‍රදායික හා ස්වදේශික මුස්ලිම්වරුන් ආණ්ඩුවෙන් ඉවත් නොවනු ඇති බවත්ය.