මුතුහෙට්ටිගම කටුනායකදී පොලිසියට හසුවෙයි

නියෝජ්‍ය ඇමතිකමක්ද දරමින් නීතිය පෙනි පෙනී උල්ලංඝනය කළ නිශාන්ත මුතුහෙට්ටිගම අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුවේ සිට ලංකාවට එද්දී පෙරවරු 11.30 ට පමණ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ඔහුව මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. වඳුරඹ වේදිකා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සිය සහචරයින් බලහත්කාරයෙන් පොලිස් ග‍්‍රහණයෙන් මුදාගත් පසු
බද්දේගම උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහු පසුගිය 26 වැනිදා සිංගප්පූරුවට පළා ගියේ ඔවුන්ද සමගය.
පසුව කිසිදු වගකීමකින් තොරව හැසිරෙමින් තමා විවේක ගැනීමට රට ගිය බව කියමින් ඔහු නාටකයකට පණ පෙව්වේය.
වඳුරඹ මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියකට පහරදුන් බව කියන ඔහුගේ ආධාර කරුවන් තිදෙනකුද අද ඔහු සමග පැමිණියා.


නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු 11.20ට ළඟා වූ අතර ඔහු පිටවී යන ප‍්‍රභූ පර්යන්තය ළඟ පොලිස් ජීප් දෙකක් නවතා 25ක පමණ පොලිස් බළ ඇණියක්ද එහි රඳවනු ලැබ තිබුණා.වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද  කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
කටුනායකදී ඔහු අත්අඩංගුවට ගැනීම රහස් පොලීසියට බාර දීමෙන් පසු මීගමුව උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණි.

ඔහු මුලින්ම සැකකරුවන් පොලිසියෙන් පැහැරගත් පසුවත් පොලිසිය අසළ නිදැල්ලේ හැසිරෙමින් පොලිස් නිලධාරීන්ගේ සැලියුට් ආචාරයද ලබමින් සිටි වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයවී තිබුණි.


පසුව වරෙන්තු ලැබුණ පසු පළායන්නට උත්සාහ කරද්දී ගුවන්ගතවීමට දෙපැයකට පමණ පෙර  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට හා පොලීසියේ 119 හදිසි ඇමැතුම් ඒකකයට තුන්වරක්ම දන්වා තිබූ නමුත් ඔහු නිරුපද්‍රිතව පළා ගොස් තිබුණ නමුත් අද පොලිසිය ඔහු අල්ලන්නට 25 ක් සමග කටුනායක රැකවල්ලා සිට ඇත.
මෙම සිද්ධිය හේතු කොට වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයාට සේවයෙන් ඉල්ලා අස්වන්නටද සිදුවිය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්