මුස්ලිම් කොංග‍්‍රසය වෙනම පාලනයක් ඉල්ලූවා බැරිවුන නිසයි ගියේ - සුසිල්
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය රජයෙන් ඉවත්වීම ගැන සන්ධාන මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහහතා ඊයේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.
ඔවුන් අපට යෝජනා කළ කරුණු අතර අපට කිසිසේත් එකඟ විය නොහැකි කාරණාවක් තිබුණා. භූගෝලීය වශයෙන් වෙන්කරන ලද අම්පාර දිස්ත‍්‍රික්කය අතිරේක ලේකම්වරයෙකු යටතේ පාලනය කළ යුතුයැයි ඔවුන්
යෝජනා කළා. ඒ අනුව සමන්තුරේ,කල්මුණේ සහ පොතුවිල් ප‍්‍රදේශ එක පරිපාලන ප‍්‍රදේශයක් කිරීමට ඔවුන් යෝජනා කළා. එම යෝජනාවට අපි එකඟ වුණොත් සෑම ජන කොටසක්ම ජනවාර්ගික ප‍්‍රතිශතය වැඩි ආසන එකට එක්කර වෙනම පාලන ප‍්‍රදේශයක් කළ යුතුයැයි ඉල්ලීමක් කළොත් අපි එය ඉටුකරන්නේ කොහොමද? එහෙම වෙන පරිපාලන දිස්ති‍්‍රක්කයක් ක‍්‍රියාත්මක කිරීම අසාධාරණයි. එසේ කිරීමෙන් බෙදුම්වාදයට ඉඩදීමක් සිදුවෙනවා. එවැනි ක‍්‍රියාවකට කිසිසේත්ම එකඟ විය නොහැකි බව ප‍්‍රකාශ කළ නිසයි ඔවුන් අපෙන් ඉවත්වීමට තීරණය කළේ. ජනාධිපතිතුමා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද පැහැදිලිව ස`දහන් කර තිබෙනවා බෙදුම්වාදය කරා රට යළි ගෙනයාමට ඉඩ නොතබන බවත් එවැනි කිසිදු ආකාරයේ ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවන බවට එතුමා ප‍්‍රතිඥා දී තිබෙනවා යැයිද ඇමැතිවරයා පැවසීය.
නමුත් මේ යෝජනාව ඔවුන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ඉදිරිපත් කරන්න ඇති. අපි එය ප‍්‍රතික්ෂේප කරද්දි ඔවුන් ඒ පැත්තට යන්නේ ඒ පැත්තෙන් ඒ ඉල්ලීම පිළිඅරගෙන තිබෙන නිසා විය හැකියි.
හෙට අනිද්දා වන විට ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඍජුව හෝ වක‍්‍රව විවිධ මත පළකරයි. මේවා තමයි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවල බලපෑම්.