වෛද්‍ය පවුලකින් බිහිවූ ජීව විද්‍යා ප‍්‍රථමයා හිරුනි සාමාන්‍යපෙළින් 5 වෙනියාවී උසස්පෙලින් 1 වූ හැටි පාක්‍යරාජ් , ශාවින්දි, පියුමි හා නිපුනි ගැන තව විස්තර
මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල අනුව ඒ ඒ විෂයයන්ගේ ප‍්‍රථම ස්ථානය ලැබූවන් පිළිබඳ තොරතුරු එකතුවක් පහත පළවෙනවා.
ජීව විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය දිනූ මාතර හිරුණි උදාරා මින් ඉහත සාමාන්‍ය පෙළ ලංකාවෙන් පස් වෙනියා වී ඇත. ඇගේ මව දන්ත වෛද්‍යවරියක වන අතර පියා
වෛද්‍යවරයෙකි. සොයුරිය වෛද්‍ය ශිෂ්‍යාවකි.
වාණිජ අංශයෙන් ප‍්‍රථම තැන දිනූ පියුමි ධනංජනාගේ මව ගුරුවරියකි. පියා විශ‍්‍රාමික රජයේ සේවකයෙකි.ඇගේ සොයුරිය මින් ඉහත වාණිජ විෂයෙන් ලංකාවෙන් 6 වැනියා වී ඇත.
කලා අංශයේ ප‍්‍රථම තැන දිනූ ශාවින්දි නෙත්සලාගේ මව ගුරුවරියකි. පියා ඉංජිනේරුවෙකි.
පොදු විෂය ධාරාවන්ගෙන් පළමුවෙනියා වූ නිපුණි ඩයස්ගේ පියාද ඉංජිනේරුවෙකි.
ගණිත ප‍්‍රථමයා පාක්‍යසන්ගේ පියා අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන අතර මව ගෘහණියකි.
ඔවුන් ගැන වැඩි විස්තකර හා ජයග‍්‍රහණය ගැන කියන දේවල් පහතින්
ජීව විද්‍යා ප‍්‍රථම ස්ථානය
මෙවර ජීව විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එච්. ජී. හිරුණි උදාරා දිනාගත්තා.
මම මුල ඉඳලම මාතර සුජාතා බාලිකා විද්‍යාලයටයි යේ. අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් මම දිවයිනේ පස්වන ස්ථානය ලබාගත්තා. එදා මම අධිෂ්ඨානයක් ඇතිකරගත්ත උසස් පෙළ විභාගයෙනුත් උසස් ප‍්‍රතිඵල ලබාගන්නවා කියලා. එහෙම වුණත් ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබාගත හැකි වේවි කියලම මම හිතුවේ නෑ.
වැඩ අතපසු කිරීමේ හෙටට කල් දැමීමේ සිරිතක් මා ළඟ කවදාවත් තිබුණේ නෑ.
මම පාඩම් කරන්න උදේ 4.00 ට නැගිට්ටා. රාත‍්‍රී 9.30 ට නිදාගත්තා.
විභාගයට ලියල අවසන් වෙලා මම ඉතාමත් සැහැල්ලූවෙන් සිටියා. ඉතා උසස් ලෙස සමත්වන බව දන්න නිසා. මම හිතන ආකාරයට හරියට වැඩ කළොත් එය වරදින්න බෑ. මම අනුමාන කළා ඉතා උසස් ප‍්‍රතිඵලයක් මට ලැබේවි කියල.ඒ අනෙකක් නිසා නොවෙයි ඉල්ලක ගතව හිතට එකඟව මහන්සි වෙලා වැඩ කළ නිසා.
මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක්වීමටයි.
හිරුණි උදාරා ශිෂ්‍යාවගේ පියා වන එච්. ජී. චන්ද්‍රසිරි මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.
ඇගේ මව වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියකි.
සහෝදරිය වන එච්. ජී. ශ‍්‍රීමාලි කරාපිටිය වෛද්‍ය විදුහලේ වෛද්‍ය ශිෂ්‍යාවකි.
ගණිත අංශය ප‍්‍රථම ස්ථානය
උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ප‍්‍රථම ස්ථානය ලබාගත්තේ යාපනය හින්දු විද්‍යාලයේ පාක්‍යරාජ් දරුකීසන්ය.
මම උදේට නැගිට්ටාම එදා දවස සැලසුම් කරගන්නවා. පාසල් ගිහින් හවස උපකාරක පන්ති ගිහින් ගෙදර එන්නේ සවස 6.00 ට විතර. ඊට පස්සේ මම සාමාන්‍ය විදිහට පාඩම් කළා.
මම විෂයන් සියල්ලම හැදෑරුවේ ඉංග‍්‍රීසි භාෂාවෙන්. ඒ නිසා මට ගොඩක් තොරතුරු අන්තර්ජාලය හරහාත් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම මම විෂයන්ට අදාළ පොත්පත් ගොඩක් කියෙව්වා. ඒකට මම අපේ පාසලේ පුස්තකාලය ගොඩක් භාවිත කළා.
මම කිසිම වෙලාවක කාලය නාස්තිකරන්න කැමති වුණේ නැහැ. හැමවෙලාවෙම උපරිමයෙන් ප‍්‍රයෝජන ගන්න වගබලාගත්තා. ඒකට මට අපේ ගෙදර අය ගොඩක් උදව් වුණා.
මගේ පාසලේ ගුරුවරුන් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. මට නිරන්තරයෙන්ම පාඩම් කරන්න උපදෙස් ලබාදුන්නා. ඒ වගේම නිසි කාලයට විෂය නිර්දේශයන් ආවරණය කරලා මට විභාගයට හොඳ මානසික මට්ටමකින් අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසලා දුන්නා.
මම කියන්න කැමතියි මම පුංචි කාලේ තිබුණු යුද්ධය අද අවසන් ඒ ගැන මම සතුටුවෙනවා. අපට අධ්‍යාපන කටයුතු කරන්න සියලූම පහසුකම් තියෙනවා. ඒ නිසා අද අපි ගොඩක් නිදහසේ ඉගෙන ගන්නවා.
මගේ තාත්තා රජයේ සේවකයෙක්. එයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙර පාසල් සම්බන්ධයෙන් සහකාර අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරනවා. මගේ අම්මා ගෘහණියක්. නංගීත් උසස් පෙළ හදාරනවා ජීව විද්‍යා අංශයෙන්.
මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවකු වීමයි.
කලා අංශයේ ප‍්‍රථමයා
අ.පො.ස. උසස් පෙළ 2014 විභාගයෙන් කලා අංශයෙන් ප‍්‍රථමස්ථානය ලබාගත්තේ කොළඹ විශාඛා බාලිකා මහා විද්‍යාලයේ ජී.පී. ශාවින්දි නෙත්සලා පතිරණ සිසුවියයි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ගත්ත ද රැල්ලට හසු නොවී මම කැමැති විෂය ධාරාව තෝරාගත්ත නිසා මට මේ සුවිශේෂී ජයග‍්‍රහණය ලබාගන්න හැකි වුණා. බොහෝ දෙනෙක් යන රැල්ල වන්නේ ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව තෝරාගැනීමයි. නමුත් මගේ කැමැත්ත තිබුණේ කලා විෂයයන් වෙත. ඒ විෂයයන් උසස් පෙළට තෝරා ගන්න මගේ අම්මා, තාත්තා වගේම මල්ලී මට ලොකු ධෛර්යයක් ලබා දුන්නා.
අමතර පන්ති තුනකට පමණයි ගියේ. පාසල නිවාඩු දෙනතුරුම නොවරදවාම සෑම දිනම මං පාසල් ගියා. මං උසස් පෙළ සඳහා භූගෝල විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය, ගණිතය යන විෂයයන් තෝරා ගත්තා. විෂයානුබද්ධ වැඩකටයුතු එදිනෙදා කළ නිසාම මට පාඩම් වැඩවල බරක් තිබුණේ නෑ. පාඩම් වැඩ මං කිසි විටෙක කාර්යබහුල කරගත්තේ නෑ.
හැමදාම රාත‍්‍රී 9.30 පමණ වන විට එදිනෙදාට කළයුතු පාඩම් වැඩ අවසන් කොට නිදාගත්තා. නැවත පාන්දර 3.00ට පමණ නැගිට පාඩම් කළා. සෑම දිනකම පාඩම් වැඩවලට පැය 4ක් වෙන් කළා. පාසල් නිවාඩු ලැබුණු කාලේ පාඩම් වැඩවලට පැය 8ක් වෙන් කළා.
පාඩම් වැඩ කර විවේකයක දී පියානෝ වාදනය කළා. චිත‍්‍ර ඇන්දා. නමුත් උසස් පෙළ කරද්දී ඉගෙනීමේ කටයුතු සඳහාම සම්පූර්ණ කාලය වෙන් කළා. විනෝදාංශය ලෙස ඡායාරූපකරණයෙත් නිරත වුණා.
11 වැනි වසර දක්වා ඉගෙනගත්තේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන්. උසස් පෙළ සඳහායි විශාඛා විද්‍යාලයට ගියේ. සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 9ක් ගත්තත් මං 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණා.
මගේ අම්මා ගම්පහ යසෝදරා දේවී බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පතිනියයි. තාත්තා කැලණිතිස්ස තාපබලාගාරයේ යාන්ත‍්‍රික ඉංජිනේරුවරයෙක්. මගේ මල්ලී කොළඹ රාජකීය විද්‍යාලයට යන්නේ. එයා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලිව්වා. අම්මා, තාත්තා, මල්ලී තමයි මගේ අධ්‍යාපනයට ලොකුම සහාය ලබා දුන්නේ.
කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කලා අංශයෙන් දෙවැනි ස්ථානය දිනාගත් විශ්නි ගනේපොළ මගේ හොඳම යාළුවා සමගයි මං පාඩම් කළේ.
වාණිජ ප‍්‍රථම ස්ථානය
මෙවර අ. පො. ස. උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් ලංකාවෙන් පළමුවැනියා බවට පත්වූයේ ගාල්ල සවුත්ලන්ඞ්ස් විද්‍යාලයේ යූ. ජී. පියුමි ධනංජනා සිසුවියයි.
කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. වැඩිය පාඩම් කළේ නැහැ. නමුත් උගන්වන දේ හොඳින් හිතේ ධාරණය කරගත්තා. ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් තමයි කළේ. ඒ විෂයන් තුනටම විශිෂ්ට සාමාර්ථ ලබාගත්තා. උදේ පාන්දර නැගිටලා නම් මා පාඩම් කළේ නැහැ. නමුත් එදිනෙදා වැඩ එදිනෙදාට අවසන් කළා.
මා ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඇල්පිටිය ශාන්ත තෙරේසා කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා තමයි ගාල්ල සවුත්ලන්ඞ්ස් විද්‍යාලයට ඇතුළුවුණේ. අ. පො. ස. සා. පෙළ විභාගයෙන් විෂයන් නමයටම මා ඒ. සාමාර්ථ ලබාගත්තා. උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් හැදෑරුවා. මගේ අක්කා 2008 වසරේදී උසස් පෙළ ලංකාවෙන්ම හයවැනියා බවට පත්වුණා.
ඇත්තටම මේ විභාග ප‍්‍රතිඵලය ලබාගන්නට අක්කාගෙන් ලැබුණු උදව්, ඒ අත්දැකීම් අම්මා, තාත්තා, මල්ලීගෙන් ලැබුණු උදව් විශාල ශක්තියක් වුණා. මුලදී මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් වාණිජ්‍ය විෂය ධාරාවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවෙද්දී මට හිතුණා. හොඳ ප‍්‍රතිඵලයක් ලබාගන්න ඕන කියලා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. මේ කාලයේදී මා පාසලේ බාහිර කටයුතුවලත් නිරත වුණා.
රූපවාහිනිය නම් බැලූවේ නැහැ. නමුත් සතිඅන්ත පුවත්පත් කියවූවා. මේ ප‍්‍රතිඵල ලබාගන්න පාසල් අධ්‍යාපනයෙන් විශාල පිටුවහලක් ලබුණා. මා විෂයන් තුනටම උපකාරක පන්තිවලට සහභාගි වුණා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුව තමයි ගණකාධිකාරිවරියක්වීම. ඊට අමතරව නීතිය හදාරන්නත් මා බලාපොරොත්තු වෙනවා. පියුමි ධනංජනා සිසුවියගේ මව ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරන්නීය. පියා නැව් සංස්ථාවේ රැකියාව කොට විශ‍්‍රාම සුවයෙන් පසුවෙයි. එකම සහෝදරිය පුද්ගලික සමාගමක රැකියාව කරන්නීය. එකම සහෝදරයා ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේය.
පොදු විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය
මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල වලින් පොදු විෂය ධාරාවෙන් ප‍්‍රථම ස්ථානය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ නිපුණි ඩයස් නාගහවත්තයි.
මෙය මං බලාපොරොත්තු වූ ජයග‍්‍රහණයක්. මේ ඉලක්කය ඇතිවයි මං මුල ඉඳන්ම වැඩ කළේ. මං සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ නවයක් ගත්තා. ඒ නිසාම මේ ජයග‍්‍රහණය ලොකු අභියෝගයක් කියලා හිතුවේ නැහැ. ඇත්තටම මට ගොඩක් සතුටුයි.
පෙර පාසලේ ඉඳන්ම මං ඉගෙන ගත්තේ මියුසියස් විද්‍යාලයේ. මම සාමාන්‍ය පෙළ කරනකන්ම ටෙනිස් ක‍්‍රීඩා කළා. පාසල නියෝජනය කරමින් විවිධ තරගවලට සහභාගි වුණා. ඒවගෙන් ජය පරාජය දෙකම ලැබුවා.
ඊට අමතරව පාසල් විද්‍යා සංගමයේත්, ගණිත සංගමයේත්, අයි.සී.ටී. සංගමයෙත් උප සභාපතිනිය ලෙස කාලයක් වැඩ කළා.
හැමදාම උදේම නැගිටලා පාඩම් කළා. එදා දවසේ දෙන වැඩ එදාම කළා. කල් තිබ්බේ නෑ කවදාවත්. අධ්‍යාපන කටයුතුයි බාහිර කටයුතුයි සම සමව කරගෙන ගියා. ඒ
නිසා මට ගොඩක් පහසු වුණා. පාසලෙන් ලැබුණු දායකත්වයත් ගොඩක් ඉහළයි.
විෂයන් තුනටම අමතර පන්ති ගියා. ඊට අමතරව මම හැමදාම පාසල් ගියා. පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මගේ මේ ජයග‍්‍රහණයට ලොකු සහයෝගයක් ලබා දුන්නා. පාසලෙන් ලබාදුන් ශක්තිය තමයි මට ගොඩක්ම පිටිවහලක් වුණේ.
ඉදිරියේදී පරිගණක විද්‍යාවෙන් තව ඉහළට ඉගෙන ගන්නයි, ඉලෙක්ට්‍රොනික් අංශයෙන් උපාධියක් හදාරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක ලංකාවෙන්ද විදේශයකින්ද කියන එක තාම තීරණය කරලා නැහැ.
මගේ තාත්තා ශ‍්‍රී ලංකා එයාර්ලයින් සමාගමේ ගුවන් ඉංජිනේරුවෙක්. අම්මා ගෘහණියක්. අයියා විදේශ රටක පශ්චාත් උපාධිය හදාරලා රැකියාවක නිරත වෙනවා.