සොත්ති උපාලිගේ අයියගෙ පුතා අරවින්දගේ සල්ලි සොරාගෙන තායි කතුන් ඇසුරු කරලා

පසුගියදා ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට ඇතුළු වී සේප්පුවක තිබූ දෙස් විදෙස් මුදල් සොරා ගත් හැටේවත්තේ මත්කුඩු වලට ඇබ්බැහිවූ පුද්ගලයා ප‍්‍රකට ලියාපදිංචි අපරාධකරුවෙකු බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

මගමරුවා නමින් ප‍්‍රකට ඔහු හිටපු පාතාල නායකයකු වූ සොත්ති උපාලිගේ වැඩිමහල් සොහොයුරාගේ පුත‍්‍රයා වන අතර සොරකමින් පසු ලබා ගත් මුදල්වලින් ගණිකා වෘත්තියෙහි යෙදෙන තායි කතුන් තිදෙනකුගේ පහසද ලබාගෙන
ඇති බව වාර්තා වුණා.
ඒ පසුගියදා වැටලීමකටද භාජනය වූ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ සුපිරි තායි ගණිකා මධ්‍යස්ථානයකට ගොසිනි.
එහිදී ඔහු එක්වරකටතායි කතකට රුපියල් 25,000 බැගින් කතුන් 3 දෙනෙකු ඇසුරු කර ඇති බවත් ඒ සඳහා රුපියල් 75,000ක් වැය කර ඇති බවත් සැකකරු කොටුව පොලිසියේ නිලධාරීන්ට ප‍්‍රකාශ කර ඇත.
කොටුවේ හැටේ වත්ත නම් ප‍්‍රදේශයේ පදිංචි මිරිහානගේ සමන් කුමාරසිරි නොහොත් මගමරුවා නමින් හැඳින්වෙන මෙම සැකකරු
මං කොල්ලකෑම් සිදු කිරීමට දක්ෂයකු නිසා මොහුට මගමරුවා නම යොදා ඇති බවද හෙළිව තිබෙනවා.

මොහු 25 වතාවක් සොරකම්වලට බන්ධනාගාරගත වී ඇති අතර සෑම අවස්ථවකම නිදහස ලැබූදාට පසුදා සිට යළි පෙර පුරුදු සොරකමේ ගිය බව පිළිගෙන තිබෙනවා.
කොල්ලයට සම්බන්ධ සැකකරු පෙරේදා (18* කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්