මේ සැරේ වර්ල්ඞ් කප් එකට ඉන්දියාව නිසා නිරුවත් වෙන්න බෑ - පූනම් පාන්ඬේ
පසුගිය 2011 වසරේ ලෝක කුසලානයෙන් ඉන්දියාව ජයග‍්‍රහණය කළොත් තමා නිරුවත් වන බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් කළ ඉන්දීය නිළි හා නිරූපිකා පූනම් පාන්ඬේ ලබන 2015 ලෝක කුසලානය වෙනුවෙන් එවැනි අභියෝගයක් නොකරන බව කියා සිටිනවා.
ඇය සිය වෙබ් අඩවියෙන් මේ ගැන අදහස් දක්වා ඇති අතර තමා එවැනි ප‍්‍රකාශයක් එදා කළේ ජනතාවට උද්යෝගයක් ඇතිකිරීමට බවත් තමා දැන් ඉන්දීය සිනමාව තුළ හිමි තත්වය රැකගැනීමට අවශ්‍ය නිසා එවැනි විවාද සම්පන්න දේවල් නොකියන බවද කියා සිටිනවා.
පූනම් පාන්ඬේ නිරූපිකාවක ලෙස යංතමින් ප‍්‍රකට වෙමින් පැවති 2011 සමයේ මෙම ප‍්‍රකාශය සිදු කිරීම නිසා අන්තර්ජාලය තුළ මහත් කැළඹීමක් ඇති කළ අතර පූනම් පාන්ඬේගේ අඩනිරුවත් ඡායාරූප හැමතැනම හුවමාරු වුණා.
කෙසේ වෙතත් ඇය ඉල්ලා සිටි පරිදිම ක‍්‍රීඩා ලෝලීන් ඉන්දියාව දිනවීම සඳහා උද්යෝගයෙන් කටයුතු කරා. නමුත් ඉන්දියාවට ලෝක කුසලානය හිමිවූ පසුව පූනම් පාන්ඬේ අතුරුදන්වූ අතර ඇගේ නිරුවත පෙන්වන්නට ඉදිරිපත්වූයේ නැත.
ඇය ලබාගත් ප‍්‍රසිද්ධිය පසුව ඉන්දියාවේ ඉහළින් අලෙවි වූයේ ඇය සම්බන්ධ කරන චිත‍්‍රපට දැන්වීම් මියුසික් වීඩියෝ ආදියට ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලැබීම නිසාය.
දැන් ඇය එරට ස්ථාවර නමක් දිනූ නිරූපිකාවක් හා නිළියකි.