තරුණ සේවා සභාවේ හදගැස්ම මැතිවරණ ප‍්‍රචාරණය කැෆෙ හෙලාදකී

ජාතික තරුණ සේවා සභාව විසින් දේශපාලන උවමනා සපුරාගැනීමට ”හද ගැස්ම” නමින් දේශපාලන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆෙ කියා
සිටී.මෙහිදී සෑම දිස්ත‍්‍රික්කයකින්ම තරුණ තරුණියන් කැඳවා ඔවුන්ට ආහාර පාන සහ ගමන් වියදම් ලබාදී  ඉදිරියේදී රැුකියා
ලබාදෙන පොරොන්දුව ලබාදීම සිදු කෙරෙන බවත්
ප‍්‍රා ලේ කාර්යාල මට්ටමින් ක‍්‍රියාත්මක මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම තරුණ සේවා සභාව යටතේ ක‍්‍රියාත්මක කෙරෙන්නක් නිසා නීතිවිරෝධී බවත් ඔවුන් දන්වයි.
මීට අමතරව දෙසැම්බර් 24 වන දින මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට පැවති එජනිස අපේක්ෂකයාගේ රැුළිය සඳහා සහභාගි වන ලෙස ජාතික තරුණ සේවා සභාවේ සියලූ නිළධාරීන්ට බලපෑම් කර ඇති බවද කැෆෙ දන්වා සිටී.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි