දෙරණ, රූපවාහිනි, හිරු,ස්වර්ණවාහිනියට එරෙහි මෛත‍්‍රිපාල නඩුව පරණ කතා ඇඞ් එක නවතන්න මෛත‍්‍රී කළ ඉල්ලීම උසාවිය බෑ කියයි
‘ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක්’ ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක් නැවත විකාශනය කිරීම වළක්වන වාරණ නියෝගයක් දෙරණ, ජාතික
රූපවාහිනිය, හිරු සහ ස්වර්ණවාහිනිය යන විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.
විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් මෙම ප‍්‍රතික්ෂේපය සිදු කර ඇත.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් එම මාධ්‍ය ආයතන 4 ට එරෙහිව පැවරූ නඩුවකින් කළ එම
අතුරු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට විනිසුරුවරිය තීරණය කළේ දෙපාර්ශ්වයේම නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
සිරිසේන මහතා සිය පැමිණිල්ලෙන් කියා සිටියේ තමා 2009 වසරේදී පැවැත්වූ එම කතාව මේ ජනාධිපති මැතිවරණයේදී තමාට එරෙහිව ප‍්‍රචාරක අවියක් ලෙස යොදා ගැනීම හා නැවත විකාශනය කිරීම ජනාධිපති අපේක්ෂකයන් විසින් පිළිපැදිය යුතු බවට මැතිවරණ කොමසාරිස් නිකුත් කළ උපදෙස් උල්ලංඝනය කිරීමක් බවයි.
සිරිසේන මහතා කළ කතාව එකී නාලිකා ඔස්සේ විකාශනය කෙරෙන්නේ මුදල් ගෙවා පළ කළ දැන්වීමක් ලෙසයි.
ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා මහතා සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ අලිසබ්රි ක්වේරා ද සොයිසා ඇතුළු නීතිඥවරු පිරිසක් විත්ති පක්ෂයට පෙනී සිටියහ.
මෙම නඩුව ජනවාරි 05 වැනිදා යළි කැඳවීමට ද නියම කෙරිණි.
සරත් ධර්මසේන