ජනපති මහින්ද නිසා ලෝකයට අලූත් සැමරුම් දිනයක්

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කරන ලද යෝජනාවක් අනුව සෑම වසරකම ජූලි 15 වැනි දිනයි‘ලෝක තරුණ නිපුණතා දිනය‘‘ ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇතැයි රජය වාර්තා කරනවා.


ලොව තරුණ තරුණියන්ට විරැකියාව දුරු කිරීමේ උපාය මාර්ගයක් ලෙස යහපත් සමාජ හා ආර්ථික තත්ත්වයක් අත්පත් කර ගැනීම මෙවන් දිනයක් නම් කිරීමේ අරමුණ බව පැවසේ.
2013 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වෙනි මන්ත‍්‍රණ සභාවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.
2014 වසරේ මැයි මාසයේ දී කොළඹ දී පැවැත්වුණු ලෝක තරුණ සම්මේලනයේ දී රටරටවල තරුණ නියෝජිතයින්, ප‍්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු මැතිඇමතිවරු විසින් මෙම යෝජනාව අනුමත කරන ලදහ. මීට රටවල් 134ක එකඟත්වය හිමිවී ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්