තැපැල් ඡන්දයට ජාතික රූපවාහිනී බලපෑම කැෆේ හෙලාදකී

ජනපතිවරණය සඳහා තැපැල් ඡන්දය පළකරන පළමු දිනයේ ජාතික රූපවාහිනිය සජීවි ලෙස මහින්ද රාජපක්ෂ අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමක් විකාශය කිරීම පක්ෂපාතී පියවරක් බව මැතිවරණ
කොමසාරිස්තුමා හා අනෙක් අපේක්ෂකයින් වෙත කැෆෙ සංවිධානය යොමු කළ ලිපියකින් චෝදනා කර ඇත.
එම ලිපියේ මෙසේ දැක්වේ.

එජනිසයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව මේ වන විට රජයේ සහ පුද්ගලික  රුපවාහිනී නාලිකා මගින් ද සජීවිව විකාශනය කරමින් සිටින බව ඔබ දන්නා කරුණකි.
තැපැල් ඡන්දය පැවැත්වෙන අතර එක් දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි.
මැතිවරණ දිනය සියලූ කටයුතු මැතිවරණ කොමසාරිතුමාගේ පාලනය යටතේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබද ඔබ සියලූ දෙනා ද එකගවන්නේ යැයි සිතමි.  මෙම සජීවි විකාශනය තැපැල් ඡන්දදායකයින් ලක්ෂ පහකට සෘජුව බලපෑම් කෙරෙන ක‍්‍රියාවකි.
ඡන්ද විමසීම පැවැත්වෙන අතර රුපවාහිනී නාලිකා සියල්ලේම සජීවි විකාශනයක් පැවැත්වීම නවතා දැමීමට හෝ තැපැල් ඡන්ද විමසීම වෙනත් සුදුසු දිනයකට කල්දැමීම සුදුසු බව කැෆෙ සංවිධානයේ මතය බව ඔබගේ දැන ගැනීම සදහා මෙම ලිපිය යොමු කරමි.
මෙයට විශ්වාසී,
කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆෙ සංවිධානය                                  

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්