අද(21) රටපුරා අධික සුලගක්

අද (21) කන්කසන්තුරේ සිට ත‍්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප‍්‍රදේශවල ද අපරභාගයේදී සහ රාත‍්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද  උදෑසන 05.30ට මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය කෙටි කාලීනව ඉහළ යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප‍්‍රදේශ රළු විය හැක.

ත‍්‍රීකුණාමලය සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප‍්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි