සුසන්තිකාගේ ආච්චිට හාල්ගරන කතාව

පෙරේදා ගාල්ලේ පැවති ජනපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂ සහභාගීවූ රැළියට කෙටිදුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහද එක්වෙමින් කතාවක් පැවැත්වුවා.
ඇය ඇගේ කතාවේදී කුඩු කාරයින් එතනෝල් කාරයන් රජය ඇතුළට අරන් තිබීම ගැන විපක්ෂයෙන් කරන චෝදනාවට පිළිතුරක් සැපයුවා. ඇය ඒ ගැන කියා සිටියේ

මෙසේය.
‘සමහර උදවිය මෙතුමාට චෝදනා කරනවා මේ එතනෝල් කාරයො ඇවිල්ලලූ..මේ
කුඩු කාරයො ඇවිල්ලලූ..බුකී කාරයො ඇවිල්ලලූ..ප‍්‍රාදේශීය මට්ටමින් පළාත් සභා මට්ටමින් කවුද එගොල්ලන්ට ඡන්දෙ දුන්..නේ...? (ජනතාව කෑගසයි)
එහෙම පත්කරපු උදවිය තමයි මෙතුමාගේ නායකත්වයට මෙතුමා මේ රට පාලනය කරන ශක්තිමත්භාවයට සාධාරණත්වයට හැමෝම එහාට මෙහාට පනින්නෙ..මට කියන්න තියෙන්නෙ...
සමාවෙන්න අපේ ආගමික නායකයිනි...මේ විදිහට අතිගරු ජනාධිපතිතුමා කටයුතු කරා නම් ආච්චිට හාල් ගරලා තියෙයි.... කියලයි’

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්