සල්මන් ඉන්දියාවට ගියේ ජැක්ලින්ගේ ආප්ප කෑ පසුව
පෙරේදා(29) පාන්දරින් ලංකාවට පැමිණි ප‍්‍රකට බොලිවුඞ් නළු සල්මන් කාන් ඊයේ(30) රාත‍්‍රී ලංකාවෙන් පිටව ගියා.
ආප්ප රස බැලූ විට උන් තැනින් පළායාමට සිදුවීම මෑත කාලයේ ලංකාවේ ප‍්‍රවණතාවයකි. ඊයේ රාත‍්‍රී 11.30ට පමණ සල්මන් යළි එක්වරම ඉන්දියාවට යන්නට පෙර ජැක්ලීන්ගේ කෑම සූත‍්‍ර අවන් හලින්
ආප්ප කෑවේය.
ඔහුගේ පැමිණීම ලංකාවේ දේශපාලනය තුළ විශාල කථාබහක් ඇති කළ සිදුවීමක් වුණා.
ඔහු ජැක්ලින් සහ තවත් ඉන්දීය නළු නිළියන් පස්දෙනෙකු සමග පෙරේදා රාත‍්‍රී ඉන්දියාවෙන් නික්මෙන අවස්ථාව තෙක් ඉන්දීය මාධ්‍ය ඔහු යන්නේ කොහිදැයි දැන සිටියේ නැති අතර ඔහු මුම්බායි ගුවන් තොටුපළෙන් ජැක්ලීන් ඇතුළු පිරිසක් සමග වසරාවසාන චාරිකාවකට නාඳුනන ස්ථානයකට ගොස් ඇති බව පමණක් ඉන්දියා ටයිම්ස් වාර්තා කර තිබුණා. ජෙට් එයවාර්වේස් යානයක නැගී ඉන්දියාවෙන් පිටත්වූ පසුව ඔහු මතුවූයේ ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙනි.
ඔහුව පිළිගන්නට එහි කිසිවෙකු සිටියේ නැත. ඔහු ඇතුළු පිරිස අනතුරුව පිටත්වූයේ ටාජ් සමුද්‍රා හෝටලය වෙතය. හෝටලයේ ගිමන් ඇරීමෙන් අනතුරුව දහවල් සල්මන් කාන් බොරැල්ලේ කැම්බල් පිටියේ සෞඛ්‍ය කඳවුරක් පැවති ස්ථානයකට ගමන් කළේය. එහි සිටි නාමල් රාජපක්ෂ, තිලංග සුමතිපාල ඇතුළු පිරිස ඔහුව පිළිගත් අතර පසුව ඔහු වේදිකාවේ සිටියදී ජනපතිවරයාද එතැනට පැමිණ අක්ෂි සායනයේ විවිධ ක‍්‍රියාකාරකම් වලට පෙනී සිටිමින් ඡායාරූපවලටද පෙනී සිටියේය.
මෙම උත්සවය සුළු පිරිසකගේ දායකත්වයෙන් පැවති සමාජ සත්කාර වැඩසටහනක් වුවද මැතිවරණයේ ආකර්ෂණය දිනූ ඡායාරූප නිසා මෙම කුඩා වේදිකාවේ ජනපති හා සල්මන් වාඩිවූ දර්ශන මහින්දගේ දේශපාලන ප‍්‍රචාරණයට බෙහෙවින් බලපා තිබුණි.
එම උත්සව අවස්ථාව අතර වාර්තාවූ එක් සිදුවීමක් වූයේ නිවේදක මහතා සභාව අමතමින් ‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ ’ කීමය. මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ එය නිවැරදි කළ අතර ෂාරුක් සල්මන් පැටළුණ නිවේදකයා පසුව ‘සල්මන් කාන්ට ජයවේවා’ යයි කියා සිටියේය. එම උත්සවය සංවිධානය කළ මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාද එම වේදිකාවේ සිටියේය.
බොලිවුඞ් චිත‍්‍රපටවල ර`ගපා කෝටිපතියෙකු බවට පත්ව සිටින සල්මන් කාන් කිසිදා විවාහ නොවන බව කියා ඇති තවත් එක් නළුවෙකි. ඔහු විවේකයට විනෝදයට සමාජ සේවා වැඩවල නිරතවීම නිරන්තරයෙන්ම සිදු කරන්නෙකි. ඔහු මේ අවස්ථාවට එක්වූයේ එම සමාජ සේවා අරමුණින් නමුත් මෙම එක්වීම දේශපාලන වශයෙන් වැදගත් බව දැනසිටියේ එම උත්සවයට එන්නට ආරාධනා කළ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාය.
ඔහු සල්මන් කාන් සමග මින් පෙර හිතවත්වූයේ ලංකාවේ අයිෆා සම්මාන උලෙලට සල්මන් පැමිණි අතරවාරයේය. සල්මන් කාන්ගේ නැගණිය මින් මාස දෙකකට පමණ පෙර විවාහ වීමෙන් පසුව එම නිවසේ පැවති සාදයකටද නාමල්ට ඉන්දියාවට එන්නට සල්මන් ආරාධනා කර තිබුණි. ඔහු එහි ගොසින් ඡායාරූපයකටද පෙනී සිටියේය.
පසුගිය කාලයේ ‘කික්’ නමැති හින්දි චිත‍්‍රපටයක ප‍්‍රධාන චරිත සඳහා සල්මන් හා ලංකාවේ උපන් නිළි ජැකුලින් පෙනී සිටි අතර ඒ කාලයේ ඉන්දියාවේ ප‍්‍රචාරණ ව්‍යාපාරවලට එකට සම්බන්ධවීම නිසාම ඔවුන් අතර සමීප සම්බන්ධතා ඇති බවටද කටකතා පැතිරිණි. චිත‍්‍රපටය දුවාගන්නට අවශ්‍ය නිසාද ඔවුන් කටකතා බොරු බව කියා සිටියේ නැත.
මෙම සමීපතාවය නිසාද ජැකුලින්ට සල්මන් කැටුව ලංකාවට එන්නට පහසුව තිබුණි.
සල්මන් කාන්ට බොරැල්ලේ මල්මාලා දමමින් සිටින අතර කුරුණෑගල කුඹුක්ගැටේ ලංකාවේ කලාකරුවන් පිරිසකට ගල් ප‍්‍රහාර එල්ල විය.
මෙම පරස්පර සිද්ධි දේශපාලන වශයෙන් මහින්දට අවාසිදායක විය.
ඒ අතරම සල්මන්ගේ පැමිණීම ගැන දේශපාලන අර්ථයෙන් පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන දකුණු ඉන්දියාවේ කොටි හිතවාදී ඞීඑම්කේ පක්ෂයේ වයිකෝ චෝදනා එල්ල කළේ ඔහු ‘පාවාදෙන්නෙක්’ යයි කියමිනි.
සල්මන් ලංකාවේ පළමු රැය ලංකාවේ ගත කරද්දී දේශපාලන ලෝකය ඇවිළී තිබිණි. එකම දිනයක කලාකරුවන්ට පහර එල්ලවීමත් පිටරටින් ආ අය ඉහළින් පිළිගැනීමත් ගැන තැන තැන කතා විය. ලංකාවේ දේශපාලනය කරන්නට විදේශීය තාරකාවන් කුමටද යන ප‍්‍රශ්නයද මතුවිය. සල්මන් මිලියන 700 කට ලංකාවට ගෙන්වූ බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේය. රජය දිගටම කියන්නේ ඔහු දේශපාලන ප‍්‍රචාරණය සඳහා මෙහි ආවේ නැති බවකි.
සල්මන් පැමිණි මුල් දිනයේ ඔහු හා කතාබහ කරන්නට ආරක්ෂක අංශ මාධ්‍යයට ඉඩ දුන්නේ නැත. නමුත් දෙවැනි දවසේ ඔහු කතා කළේය.
‘මීට වසර හතරකට පෙර අයිෆා සම්මාන උලෙළට මම මෙහාට ආවා. නාමල් රාජපක්ෂ හා ඔහුගේ පවුල සමග මම සමීප වුණා. ඉන් පසුව රෙඞ් චිත‍්‍රපටය සඳහා මම මෙහාට ආවා. මම මෙහාට ආවේ සුබ සාධන වැඩ සඳහා. මේ තමයි අපි කරන දේ. එහි දේශපාලනයක් නෑ. ජනපති විස්මිත මිනිසෙක්. මීට වසර හතරකට පෙර ශ‍්‍රී ලංකාවට ඇවිත් හෝටලයකට යන්න පැය එක හමාරක් ගියා. නමුත් දැන් යන්නේ විනාඩි විස්සයි.’ යනුවෙන් ඔහු කියා තිබුණි. කුරුණෑගල කලා කරුවන්ට ප‍්‍රහාරයක් වූ බව ගැන විමසද්දී එවැන්නක් ගැන තමා දන්නේ නැතැයි ඔහු කියා සිටියේය.
ඊයේ හැන්දෑවේ සල්මන් කාන් ජැකුලින්ගේ හෝටලය බලන්නට ඇය සමග කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ ආර්කේඞ් එකටද ගොඩ වැදුනේය. එහිදී ඔහු ජැකුලින්ගේ මිල අධික ආප්ප නොමිලේ කෑවේය.
ආප්ප රස බැලූ විට උන් තැනින් පළායාමට සිදුවීම මෑත කාලයේ ලංකාවේ ප‍්‍රවණතාවයකි. ඊයේ රාත‍්‍රී 11.30ට පමණ සල්මන් යළි එක්වරම ඉන්දියාවට ගොස් තිබුණි.ඔහුගේ සංචාරය කෙටි එකක් විය. ඔහු පිටව යනවිට ඔහුගේ නම අමුත්තන් පිටවී යන ලේඛනයේ නොවිණි. ඒනිසා මාධ්‍ය සැක කළේ එම පිටවීම සැලසුම් කළ එකක් නොව හදිසි එකක් විය හැකි බවයි. සල්මාන් මෙහි තවත් දේවල් කරන්නට හිටියාද යන්න කිසි තැනක ප‍්‍රසිද්ධ කර නැත.
සල්මන් කාන්ගේ ට්විටර් ගිණුම සඳහන් කරන්නේ ඔහු නාමල් රජපක්ෂගේ ආරාධනයෙන් සමාජ සත්කාර වැඩසටහනකට එක්වූ බව පමණකි.
සල්මන්ගේ ලංකා සංචාරයේ ඡායාරූප එකතුවක් පහතින්
![http://www.chakkare.com/gallery/salman-khans-sri-lanka-visit-dec-2014.html](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6ZYItXQmJ4OljmmUnli2Y6PqByQdCgjWvC-4O-8SU8cbU6Ztsl3IE1HpaUBjZrTpTX70UssvW8JMxM659K-xoJPt8KXe9E-KAE4NXCf_wTIvwt_QIscE4gOjGNEkEc5n3I_3qEv8eC_0/s1600/pagesal55.jpg)