දේශගුණේට ජනාධිපතිවරණය කල් දාන කතා බොරු -මැතිවරණ කාර්යාලය

ජනාධිපතිවරණය කල් දැමීමේ කිසිදු ඉල්ලීමක් දෙපාර්තමේන්තුව වෙත ලැබි නැතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පැවසීය.ඒ අනුව මැතිවරණය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම කියා සිටියේය.

මේ දිනවල දිවයිනේ දිස්ත‍්‍රික් කිහිපයකට පතිත වන අධික වර්ෂාපතනය නිසා පුද්ගලයින් විශාල පිරිසක් අවතැන්ව සිටින අතර එම නිසා තාවකාලික හැඳුනුම්පත් සැකසීමේ කාලය ජනවාරි 03 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊට අමතරව නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමද ජනවාරි 04 දක්වා දීර්ඝ කර ඇත.
මේ පිළිබඳව තැපැල්පතිවරයාද දැනුම්වත් කර ඇති බව මැතිවරණ  දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

රුචිර දිලාන් මධුශංඛ

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි